සිවිල්
ආරක්ෂක බලකා සෙබලෙකුගේ බිරිඳක් ඝාතනය කර සැඟවී සිටියදී සැකපිට අත්අඩංගුවට
ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සිවිල් ආරක්ෂක බලකා සෙබලෙකු මේ මස 18 වන දින
දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කැබිතිගොල්ලෑව දිසා මහේස්ත්‍රාත් ගයාන්
මීගහගේ මහතා නියෝග කළේය.
සැකකරු අධිකරණයට ඉදිරිපත්කළ කැබිතිගොල්ලෑව
මූලස්ථාන පොලිස් අපරාධ අංශය කියා සිටියේ සැකකරු ඉකුත් 09 වන දා හඳගල පාර
විස්සේවෙල පදිංචිව සිටි 25 හැවිරිදි එක් දරු මවක් වූ ඊ.ඩී.ඉරේෂා දිල්රුක්ෂි
ගුණතිලක යන කාන්තාවට උල් පිහියකින් ඇන ප්‍රදේශයෙන් පළාගොස් හැන්දෑගම අතහැර
දැමූ හේන් යායක පැළක් මත නිදාගෙන සිටිය දී අත්අඩංගුවට ගත් බවයි.
සැකකරු හා මියගිය තැනැත්තියත් වසර 03 ක් පමණ කලයක සිට පෙම් සබදතාවයක්
පවත්වා ඇති අතර එය මීට මාස 06 කට පමණ ඉහත දී බිඳවැටී ඇති අතර නැවතත් එම
පෙම් සබදතාවය ඇතිකර ගැනීමට උත්සාහ කළත් මියගිය කන්තාව ඊට අකමැති වූ නිසා
ඉන් කෝපයට පත්ව සැකකරු කාන්තාවට පිහියෙන් ඇන මරා දමා ඇති බව සැකකරුගේ
පාපොච්චාරණයෙන් හෙලි කර ගත් බව පොලිසිය අධිකරණයට දැන්වීය.
මේ අතර හැන්දෑගම
වැවේ තිබී ඝාතනයට යොදාගත් අඟල් 06 ක් පමණ දිග උල් පිහියද නාවික හමුදාවේ
කිමිදුම්කරුවන් යොදා පැය 02 ක පමණ කාලයකට පසුව සොයාගත් බවද පොලිසිය
අධිකරණයට දන්වා සිටියේය. සිද්ධිය වන අවස්ථාවේ එය ඇසින් දුටු සක්ෂිකරුවන්
කිහිප දෙනෙකු සිටින බවද පොලිසිය වැඩි දුරටත් අධිකරණයට දන්වා සිටියේය.
0 comments:
Post a Comment