Photobucket

Thursday, January 17, 2013

දැයට කිරුළ කල් යයි

පෙබරවාරි මස 4 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනය මාර්තු 23 වැනිදා දක්වා කල් දැමීමට රජය තීරණය කර තිබේ. 

 අම්පාර දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වැසි හේතුවෙන්,සංවර්ධනයට සමඟාමීව ඉදිකෙරෙන මහා මාර්ග හා අනෙකුත් ඉදිකිරීම් නිසි ප්‍රමිතියට අවසන් කර ගැනීමට නොහැකිවීම නිසා ප්‍රදර්ශනය කල් දැමීමට තීරණය කළ බව දැයට කිරුළ ජාතික ප්‍රදර්ශන කමිටුවේ සභාපති, විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ ඇමැති රංජිත් සියඹළාපිටිය මහතා පැවසීය.

විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ (15) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ඇමැතිවරයා එසේ අනාවරණය කළේය. ඒ අනුව මාර්තු 23 වැනි සෙනසුරාදා සවස 5ට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් විවෘත වන ප්‍රදර්ශනය 29 වැනිදා දක්වා පැවැත්වෙන බව හෙතෙම කීවේය. 

ප්‍රමිතියෙන් යුතු සංවර්ධනයක් ජනතාවට ලබාදීමේ අවශ්‍යතාව මත ප්‍රදර්ශනය කල් දැමීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද අවසර ලබාදුන් බව සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය. ප්‍රදර්ශනයට සමඟාමීව සංවර්ධන කටයුතු සඳහා රුපියල් දස ලක්ෂ හැට දහසක් වියදම් කරන බව පවසන ඒ මහතා ඉන් සියයට 40-50 ත් අතර ප්‍රමාණයක් මහා මාර්ග ඉදිකිරීම් කටයතු සඳහා යොදවන බව පැවසීය.

මාස එක හමාරකින් ප්‍රදර්ශනය කල් දැමුවද ඊට ඇතුළත් කිසිදු අංගයක් අඩු නොකරන බව රංජිත් සියඹලාපිටිය මහතා කීවේය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all