ඩෙංගු වසංගතය නිසා ප්‍රදේශවාසීන් අපෙන් මදුරුවන් විනාශ කරන්න ධූමායනය කරදෙන ලෙස
ඉල්ලනවා. මදුරුවන් විනාශ කරන්න කියලා ධූමායනය කළහම මදුරු කීටයන් පමණක් නොවෙයි
සියලුම කෘමීන් ඇතුළුව සමනලයන් පවා විනාශ වෙනවා. ධූමායනයෙන් එන්නේ දරුණු විසක්.
මීටර් ගණනාවක් දුරට කාලයක් යනතුරු ගසක මලක් ගෙඩියක් හට ගන්නේ නෑ. ඒ නිසා බැරිම
අවස්‌ථාවකදී පමණයි ධූමායනය කරන්නේ. වැල්ලව මහජන සෞඛ්‍ය එම්. පී. නවරත්න මහතා
පැවසීය.
දිනෙන් දින ඉහළ නගින ඩෙංගු උවදුර වැළැක්‌වීමේ අරමුණින් කුරුණෑගල ප්‍රා. ලේ. කාර්යාලයේ පැවති රාජ්‍ය නිලධාරීන් හා ප්‍රජා නායකයන් දැනුවත් කිරීමේ වැඩමුළුවකදී නවරත්න මහතා එසේ පැවසීය.
කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ පමණක් ඩෙංගු රෝගීන් තුන්දහසකට අධික පිරිසක් වාර්තාවෙලා තියෙනවා. කුරුණෑගල ප්‍රා. ලේ. කොට්‌ඨාසයේ පමණක් 400 කට වැඩියි. වැඩියෙන්ම ඩෙංගු කීටයන් හමුවුණේ රාජ්‍ය ආයතන පරිශ්‍ර ආශ්‍රිතව. සමහර රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්‌ථාන ඩෙංගු රෝගියෙක් හඳුනාගත්තත් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයාට දැනුම් දෙන්නේ නෑ. ඉතින් අපි කොහොමද ඩෙංගු මර්දනය කරන්න පිළියම් කරන්නේ?
අද ඩෙංගු රෝගීන් බවට පත් වෙලා තියෙන්නේ රජයේ සේවකයන් හා පාසල් දරුවන්. දරුවන් පිරිසක් ඩෙංගු රෝගීන්වීම නිසා පසුගියදා විභාගයට මූණ දුන්නෙත් රෝහලේ සිටයි.
දැනට කුරුණෑගල නගරයේ ඩෙංගු අවදානම් කලාපය ලෙස හඳුනාගෙන ඇත්තේ කුරුණෑගල ශික්‍ෂණ රෝහල අවට කලාපය, වැල්ලව හදිරවලාන හා ග්‍රාමය අවට බව කනගාටුවෙන් වුණත් කිවයුතුයි. මේවා මර්දනය කරන්න නිලධාරීන් ලෙස අපි ගිය විට විවිධ බලවත් පුද්ගලයන් සමග ආරවුල් පවා ඇති වෙනවා. දැනට ඩෙංගු මර්දනය කිරීමට ඉඩ නුදුන් පුද්ගලයන් 115 දෙනකු අධිකරණයට ඉදිරිපත් කරලා රු. 241,000 ක දඩ අයකරගෙනත් තියෙනවා.
මෙම අවස්‌ථාවට කුරුණෑගල ප්‍රා.ම. ලේකම්. ආර්. එච්. ආර්. රත්නායක, සෞඛ්‍ය සේවා නිලධාරි අශෝක පද්මකුමාර, බෝයගනේ, ම.සෞ. ප. ෙ-. ඒ. සී. කේ. ධර්මරත්න යන නිලධාරි මහත්වරු සහ ග්‍රාම නිලධාරි, සමෘද්++++++ධි ගොවි නිලධාරීන්, ප්‍රජා නායකයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්‌ථාවට සහභාගි වූහ.
0 comments:
Post a Comment