Photobucket

Thursday, January 17, 2013

අයකුට මරු කැඳවයි 900කට තුවාල

නැ‍‍ඟෙනහිර ජපානයේ දැඩි හිම පතනයක් සිදුවෙමින් පවතින අතර සතිඅන්තයේදී එක් පුද්ලගයකු ජීවිතක්ෂයට පත්ව 900ක පමණ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

ටෝකියෝ නගරයේ මගීන්ට ගමන් කිරීමට සිදුව ඇත්තේ හිමෙන් වැසුණු ලිස්සන සුළු මාර්ගවල බව ද පැවැසේ.

'බෝම්බ සුළියක් ' ලෙස හැඳින් වී ඇති අවපීඩන පද්ධතියක් හේතු කොටගෙන ඇතිව තිබෙන මේ හිම පතනය නිසා පැය 9කදී සෙන්ටි මීටර් 8ක් උස හිම තට්ටුවක් ඇතිව තිබේ. 

ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පවසන්නේ මෙය 2006 ජනවාරි මාසයෙන් පසු ඇතිවු විශාලම හිම පතනය බවයි.

ආසන්න යොකොහාමා නගරයේ සෙන්ටි මීටර 13ක හිම තට්ටුවක් දක්නට ලැබී ඇති අතර කඳුකර පෙදෙස්වල එය සෙ.මි. 30ක් පමණ වන බව ප්‍රකාශිතය.

නගානෝ ප්‍රාන්තයේ ෂියෝජිරි හි 71 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇත්තේ නිවස අවට පිරුණු හිම ඉවත් කිරීමේදී අනාරක්ෂිත කාණුවකට ඇද වැටීමෙන් බව ගිනිනිවන සේවාව කියයි.

එන්.එච්.කේ .ජාතික ගුවන් විදුලියට අනුව ටෝකියෝවේ පමණක් 891 දෙනකු තුවාල ලබා ඇත. මින් බොහෝ දෙනකු වියපත් වුවන් වන අතර ඔවුන් හිමෙන් වැසුණු මාර්ගවල ගමන් කිරීමේදී ලිස්සා වැටීමෙන් තුවාල ලබා තිබේ. මේ හැර රියැදුරන් රැසක් අනතුරුවලට මුහුණ දීමෙන් තුවාල ලබා ඇත.

ටෝකියෝව හා අවට දුම්රිය මාර්ග ද හිමෙන් වැසි ඇති හෙයින් සමහර මාර්ග වසා දමා ඇති අතර සේවකයන් හිම ඉවත් කිරීමේ යෙදී සිටින බව කියැවේ.

තවද ජපන් ගුවන් සේවය අභ්‍යන්තර ගුවන් ගමන් 37ක් අවලංගු කර ඇති අතර තවත් රැසක් ප්‍රමාද කර තිබේ. එහෙත් අන්තර්ජාතික ගුවන් ගමන්වලට ඉන් දැඩි බලපෑමක් නැතැයි පැවැසේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all