Photobucket

Wednesday, January 16, 2013

බන්ධනාගාර නිලධාරීන් හත්දෙනකුගේ වැඩ තහනම්

අවිස්‌සාවේල්ල රිමාන්ඩ් බන්ධනාගාරයෙන් රැඳවියන් 10 දෙනකු පළායැම පිළිබඳව පැවැත්වූ කමිටු වාර්තාව මගින් බන්ධනාගාරයේ ආරක්‌ෂාවට සිටි නිලධාරීන් 07 දෙනකුගේ වැඩ තහනම් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව (15 වැනිදා) කටයුතු කරනු ලැබීය.

මෙම 07 දෙනාට එල්ල වූ චෝදනා අතරින් රාජකාරි පැහැර හැරීම යන චෝදනාව මුල්කරගෙන පරීක්‌ෂණයකට යටත්ව වැඩ තහනමට ලක්‌කළ බව බන්ධනාගාර කොමසාරිස්‌ ජනරාල් පී. ඩබ්ලිව්. කොඩිප්පිලි මහතා පැවසීය.

රැඳවියන් පිරිසක්‌ අවිස්‌සාවේල්ල අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා පසුගිය 10 වැනිදා අවිස්‌සාවේල්ල බන්ධනාගාරය වෙත රැගෙන විත් සිටියදී එදින අලුයම බන්ධනාගාර නිලධාරීන් තිදෙනකු ගැටගසා රැඳවියන් 10 දෙනකු පළාගොස්‌ තිබිණි. පළාගිය 10 දෙනාගෙන් 06 දෙනකු (15 වැනිදා) වන විට පොලිසිය නැවත අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඇතැයිද කොඩිප්පිලි මහතා කීය.

පළාගොස්‌ නැවත බන්ධනාගාර ගතකරන රැඳවියන් බන්ධනාගාර විනිශ්චය සභාව වෙත ඉදිරිපත් කර දඬුවම් පැමිණවීමට නියමිත බවද කොඩිප්පිලි මහතා වැඩිදුරටත් කියා සිටියේය.

සැකකරුවන් පළායැමෙන් පසු ඒ පිළිබඳව සොයා බැලීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක්‌ පත්කරනු ලැබූ අතර එම වාර්තාව (15 වැනිදා) බන්ධනාගාර කොමසාරිස්‌ ජනරාල්වරයාට ලැබීමෙන් පසු වැඩ තහනම සිදු කරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all