සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයේ සිටි ශ්‍රී ලාංකික නාවිකයකු එම කොල්ලකරුවන් විසින් (12) නිදහස් කර ඇත. කේ.ඒ.එස්.
සූරසේන නම් මෙම ශ්‍රී ලාංකික නාවිකයකු සමග ඔහු ගමන්ගත් එම්.වී. ඔරානා
නෞකාව හා එහි ගමන්ගත් සෙසු නාවිකයින් 20 දෙනාද නිදහස්ව ඇති බව විදේශ
කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
මෙරට
විදේශ කටයුතු අමාත්‍යංශයේ හා නෞකාව අයත් ඩුබායි හි පෞද්ගලික නෞකා සමාගමේ
මැදිහත්වීම මත මෙම නාවිකයින් මුදවා ගැනීමට හැකියාව ලැබුණු බවද වාර්තා වේ.
සූරසේන මහතා හා සෙසු නාවිකයන් 20 දෙනා
රැගත් නෞකාව සෝමාලියානු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට පත්වූයේ පසුගිය 2010
වසරේදීය. සූරසේන මහතා (13) අළුයම, ශ්‍රී ලංකා තානාපති අංශවල සහය යටතේ
ශ්‍රී ලංකාවට පැමිණියේය.
0 comments:
Post a Comment