පසුගිය දෙසැම්බර් 29 දින පොළොන්නරුවේ අරලගංවිල පෙදෙසට කඩාවැටුණු
උල්කාපාත කොටස් වැඩිදුර පරීක්ෂාවට ලක් කළ එංගලන්තයේ බකිංහැම්
විශ්වවිද්‍යාලයෙහි තාරකාජීව විද්‍යාඥ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා
එහි 'ඩයටම' කාණ්ඩයට අයත් වන ඇල්ගී විශේෂයේ ජීවී කොටස් පොසිලගතව පවතින බව
තහවුරු කර ඇති බව පවසයි.
කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය අනිල් සමරනායක මහතා
විසින් පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල වැටුණු රතු සහ කහ වැස්ස
පිළිබඳව ආරම්භ කරන ලද පර්යේෂණ අතර තුරදී එම කාලය තුළම අදාළ ප්‍රදේශවලට ඇද
වැටුණු උල්කාපාත කොටස් යැයි සැලකුණු වස්තූන් පිළිබඳවද අධ්‍යනය කරන ලදී. ඒ
අනුව කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේදී මුලින්ම සිදු කරන ලද නිරීක්ෂණයන්
මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා විසින් කාඩිෆ් විශ්වවිද්‍යාලයේ
රසායනාගාර තුළදී ද තහවුරු කර ඇත.
අභ්‍යකාශයෙන් ආ උල්කාශ්ම කොටසක මෙසේ ඩයටම පොසිලගතව පැවතීම පැහැදිලි ලෙස
වාර්තා වන්නේ ලොව ප්‍රථම වරට නිසා මෙය ඉතා වැදගත් ජාත්‍යන්තර සිදුවීමක් බව
මහාචාර්ය වික්‍රමසිංහ පවසයි.
මේ පිළිබඳ විද්‍යාත්මක ලිපිය ජාත්‍යන්තර අභ්‍යවකාශ සඟරාව Journal of
Cosmology මඟින් ප්‍රකාශනය කර ඇත.
0 comments:
Post a Comment