නේපාලයේ කඳුකර ප්‍රදේශයක ගමන් කරමින් තිබු බස් රථයක් පාරෙන් ඉවතට පැන සිදුවූ
අනතුරකින් මඟීන්29 දෙනෙක් මිය ගොස් තවත් 12 දෙනෙක් තුවාල ලබා ඇතැයි නේපාල
පොලිසිය පවසයි. තුවාල ලැබූ වැඩිදනෙක් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව රෝහල් ආරංචි
මාර්ග කියයි .
ගණ මිදුම ඔස්සේ ගමන් කළ බස් රථය ඩොටී දිස්ත්‍රික්කයේ දී මිටර් 600ක පමණ
ප්‍රපාතයකට පෙරළී ඇත. චට්ටිවාන් ප්‍රදේශයේ අනතුර සිදුවූ ස්ථානයේ මෙහෙයුමක්
සිදු කිරීමෙන් පසුව තවත් මළ සිරුරු සොයාගැනිමට හැකි වනු ඇතැයි පොලීසිය පවසයි.
බසය රැඳි ඇත්තේ ප්‍රපාතයක වන හෙයින් සහන සේවා කටයුතු සිදුකිරිම අසීරු වි තිබේ
.
මං මාවත් නිසිලෙස නඩත්තු නොකරන , නියමිත සංඛ්‍යාවට වැඩි මඟින් පිරිසක් බස්
රථවල පටවා ගෙන යන නේපාලයේ රිය අනතුරු සිදුවීම සුලබ සිද්ධියක් බව වාර්තා වේ.
පසුගිය වසරේ ද මෙවැනි දරුණු අනතුරු දෙකක් සිදු විය. එම අනතුරුවලින් මිය ගිය
ගණන 65 කි.
0 comments:
Post a Comment