Photobucket

Monday, January 14, 2013

උපන් බිළිඳා බෑගයකට දමා උමා ඔයට විසි කරලා

ඌව පරණගම මුස්ලිම් පල්ලිය අසල පදිංචි මුස්ලිම් කතක් ප්‍රසූත කළ තම දරුවා උමා ඔයට විසිකර තිබිය දී එම බිළිඳාගේ මළ සිරුර  (14) උදේ ඌව පරණගම පොලිසිය විසින් සොයාගෙන ඇත. සැකකාර මුස්ලිම් කාන්තාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම කාන්තාව දරුවා ප්‍රසූත කර ඇත්තේ ඉකුත් බ්‍රහස්පතින්දා (10) ය. 

අනතුරුව දරුවා බෑගයකට දමා එහි කට ගැට ගසා නිවසේ තබා ගෙන සිට ඇත. (13) සවස  සිරුර සහිත බෑගය ඇගේ නිවස පිටුපසින් ගලා යන උමා ඔයේ අතු ගංඟාවට විසිකර තිබේ. ටිකක් දුරට ගසා ගෙන ගිය බෑගය ඉවුරක රැඳී ඇති අතර අද උදයේ සුනඛයන් විසින් බෑගය ඉරා දමන විට ප්‍රදේශවාසීන් එය දැක පරීක්ෂා කොට ඇත. බෑගය තුළ සිරුරක් තිබෙන බව දැක පොලිසියට දැනුම් දී තිබේ. බිළිඳු සිරුර නුවරඑළිය රෝහලට යවා‍ ඇත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all