Photobucket

Tuesday, January 15, 2013

අම්බලන්ගොඩ පිහිනුම් ශූරතා හෂාන්ට සහ ඉමාෂාට

අම්බලන්ගොඩ මාදම්පා මධ්‍ය මහා විදුහල සංවිධානය කළ සමස්ත ලංකා පාසල් කිලෝමීටර් දෙක පිහිනුම් තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ කේ.හෂාන් (22:42.50) සමත් වු අතර කාන්තා ශූරතාව අම්බන්ගොඩ දේවානන්ද විදුහලේ ඉමාෂා සෙව්වන්දිට (27:25.30) හිමිවිය.

පිරිමි අංශයේ දෙවැනි හා තුන්වැනි ස්ථාන පිළිවෙළින් මාදම්පා ම.ම.වි. තරිදු උදයංග සහ මනෝජ් ද සිල්වා හිමිකර ගත් අතර ශෂිනි ‍න‍වෝද්‍ය (දේවානන්ද වි.) සහ නදිෂා උදේශිකා (ධර්මාශෝක වි.) ‍කාන්තා දෙවැනි හා තෙවැනි ස්ථාන දිනා ගත්තාය.

උස්මුදුලාව මුහුදු තීර‍යේ දී ඊයේ පැවැති තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් එකසිට හැටක් පමණ එක්වු අතර තරගාවලි‍යේ ත්‍යාග ප්‍රදානය හිටපු පිහිනුම් ශූර ජුලියන් බොලින්, දකුණු පළාත් ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂ මාලි දිසානායක, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා චිත්‍රා බමුණුසිංහ සහ මාදම්පා විද්‍යාලයේ විදුහල්පති ඩී.සිරිනන්ද ඇතුළු මහත්ම මහත්මීන් අතින් සිදුකෙරිණි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all