Photobucket

Tuesday, January 15, 2013

නව අගවිනිසුරු ලෙස මොහාන් පීරිස්‌ දිවුරුම් දෙයි

ශ්‍රී ලංකාවේ හතළිස්‌ හතරවැනි අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති නීතිඥ මොහාන් පීරිස්‌ මහතා (15 දා) සවස දිවුරුම් දෙනු ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්‌සේ "දිවයින" ට වාර්තා වේ.

මීළඟ අගවිනිසුරු ලෙස නිර්දේශ කිරීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් මොහාන් පීරිස්‌ මහතාගේ නම (14 දා) සවස පාර්ලිමේන්තු කවුන්සිලය වෙත යෑවූ බව ද ඉහත ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

ඒ අනුව කථානායක චමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්  (15 දා) පෙරවරුවේ රැස්‌වන පාර්ලිමේන්තු කවුන්සිලය මොහාන් පීරිස්‌ මහතා නව අගවිනිසුරුවරයා ලෙස නිර්දේශ කරනු ඇතැයි ද ඉන්පසු ඒ මහතා ජනාධිපතිවරයා හමුවේ දිව්රුම් දෙන බව ද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මොහාන් පීරිස්‌ මහතා හිටපු නීතිපතිවරයායි. එමෙන්ම වර්තමානයේ ඇමැති මණ්‌ඩල උපදේශකවරයා ලෙස ද කටයුතු කරනු ලබයි.

කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලයේ සහ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන මොහාන් පීරිස්‌ මහතා පසුව ශ්‍රී ලංකා නීති විද්‍යාලයට පිවිසියේය.

ජනාධිපති නීතිඥ දයා පෙරේරා සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඩී. ආර්. පී. ගුණතිලක යන මහත්වරුන් යටතේ නීතිඥවරයකු ලෙස කටයුතු කළ මොහාන් පීරිස්‌ මහතා පසුව එංගලන්තයේ වේල්ස්‌හි සොලිසිටර්වරයකු ලෙස කටයුතු කළේය.

1981 වසරේදී රජයේ නීතිඥයකු ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට එක්‌ වූ හෙතෙම පසුව රජයේ ජ්‍යෙෂ්aඨ නීතිඥයකු ලෙස වසර 15 ක්‌ පමණ සේවය කළේය.

හාවර්ඩ්හි නීති විද්‍යාලයේ නීතිය පිළිබඳ පුහුණුවක්‌ ද කේමිබ්්‍රඡ් විදුහලේ සහ ජෝර්ඡ් වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ පොලිස්‌ සහ අපරාධ විනිශ්චය සම්බන්ධ අධ්‍යයනයක්‌ ද ලබාගත් මොහාන් පීරිස්‌ මහතා නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉවත්ව පෞද්ගලිකව නීතිඥ වෘත්තියේ නියෑළිණි. පරිපාලන නීතිය, වාණිජ නීතිය, ඉඩම් නීතිය, මූලික අයිතිවාසිකම්, කර්මාන්ත නීතිය, අපරාධ නීතිය ආදී ක්‍ෂේත්‍රයන්ට අදාළ නඩු කටයුතුවලට පෙනී සිටි මොහාන් පීරිස්‌ මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජ්‍ය සභාපතිවරයකු ලෙස ද සේවය කර ඇත.

නව අගවිනිසුරු ලෙස පත් කෙරෙන නම් අතර මොහාන් පීරිස්‌ මහතාගේ නම මෙන්ම දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් ලෙස කටයුතු කරන ශිරාණි තිලකවර්ධන මහත්මියගේ සහ සත්‍යා හෙට්‌ටිගේ මහතාගේ නම ද කතාබහට ලක්‌විය.

නව අගවිනිසුරු ලෙස පත් කෙරෙන නම් අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් ලෙස කටයුතු කරන ශිරාණි තිලකවර්ධන මහත්මියගේ සහ සත්‍යා හෙට්‌ටිගේ මහතාගේ නම ද කතාබහට ලක්‌විය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all