අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති බැරැක් ඔබාමා තවත් සතියකදී දෙවැනි පදවි
ප්‍රාප්තියේ දිවුරුම් දීමට නියමිතය.
මෙහිදී ආරක්ෂක තත්ත්වය පෙර පරිද්දෙන්ම පවතිනු ඇති නමුත් ජන සහභාගිත්වය
අඩුවනු ඇතැයි සැලකේ.
ජනාධිපති දිවුරුම් උත්සවය වොෂින්ටනයේ පවත් වන විශාල සංසිද්ධියක් න අතර සිවු
වසරකට පෙර ඔබාමාගේ පළමු වන පදිවි ප්‍රාප්තියේදී මිලියන 1.8ක වාර්තාගත
ජනතාවක් ඊට එක්ව සිටියහ.
විශේෂයෙන්ම අමෙරිකා ඉතිහාසයේ පළමු වන කළු ජාතික ජනාධිපතිවරයා ඔහු වීම ඊට
හේතු වී තිබිණ.
උත්සවයට එන ජනතාවට පිටේ එල්ලා ගත් බෑග්, මත්පැන්, පුවරු හා අතේ ගෙන යන පුටු හා
කුඩ ආදිය ගෙන ඒම ද තහනම් කර තිබේ.
ප්‍රවාහන බලධාරින් අපේක්ෂා කරන්නේ 5,00000-8,00000ක පමණ ජනතාවක් උත්සවය
නැරඹීමට පැමිණෙනු ඇති බවය.
0 comments:
Post a Comment