Photobucket

Tuesday, January 15, 2013

කහවත්ත පොලිසියේ 30 දෙනකු මාරු කරයි

කහවත්ත පොලිසියේ සේවය කළ පොලිස්‌ නිලධාරීන් තිස්‌දෙනකු සබරගමුව පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ලලිත් ජයසිංහ මහතාගේ නියෝගයක්‌ මත වහාම ක්‍රියාත්මක වන පරිදි ස්‌ථාන මාරුකර යවා තිබේ.

කහවත්ත පොලිස්‌ ස්‌ථානාධිපති නෙරංජන් අබේවර්ධන මහතා ඇතුළු නවක නිලධාරීන් හැර කහවත්ත පොලිසියේ වසර ගණනාවක්‌ රාජකාරි කළ නිලධාරීන් පිරිසක්‌ මෙසේ මාරුකර යවා ඇති අතර තවත් පිරිසක්‌ ඉදිරියේදී මාරුකර යෑවීමට නියමිතව ඇත. මෙම සියලුම නිලධාරීන් රත්නපුර දිස්‌ත්‍රික්‌කයෙන් පිට පළාත්වලට මාරුකර යවා ඇති අතර ඉකුත් කාලයේ කහවත්ත ප්‍රදේශයේ සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් පැවැත්වුණු විමර්ශනයක්‌ද අදාළ ස්‌ථාන මාරුකිරීම්වලට හේතු වී තිබෙන බව පොලිස්‌ ආරංචි මාර්ග සඳහන් කරයි.

මාරුකර යවන ලද පොලිස්‌ නිලධාරීන් අතර පොලිස්‌ පරීකAෂක ශ්‍රේණියේ සිට පොලිස්‌ කොස්‌තාපල් දක්‌වා තනතුරු දැරූවන් සිටින බව රත්නපුර ප්‍රදේශයේ උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ පැවැසීය.

මෙසේ ස්‌ථාන මාරු කළ නිලධාරීන්ගේ පුරප්පාඩු පිරවීම සඳහා නව නිලධාරීන් රැසක්‌ කහවත්ත පොලිසියේ රාජකාරියට අනුයුක්‌ත කිරීමට නියමිතය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all