රිසානා නµSක් නමැති ශ්‍රී ලාංකික ගෘහසේවිකාවට මරණ දඬුවම
පමුණුවන ලද්දේ ඇගේ ගමන් බලපත්‍රයේ වයස 21 ලෙස සඳහන් වීම
නිසා බවත් ශ්‍රී ලංකා රජය නිකුත් කළ එම ගමන් බලපත්‍රය
ජාත්‍යන්තරව පිළිගන්නා ලියවිල්ලක් බවත් සෞදි අරාබි රජය
ප්‍රකාශ කර ඇත.
එම රජයේ මෙම ප්‍රකාශනය සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය නිකුත් කර තිබේ.
රිසානාට සමාව දෙන ලෙස සෞදි රජය මියගිය ළදරුවාගේ මවුපියන් වෙත ඉහළම මාර්ගවලින් බලපෑම් කළත් ඔවුන් එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළ බවද සෞදි රජය කියා සිටී.
රිසානාට නීතිඥ සහාය ලබාදීමට කටයුතු කළ බව සෞදි රජය සිය නිවේදනයෙන් පැවසුවත් මානව හිමිකම් සංවිධාන පැවසුවේ ඇය වෙනුවෙන් කිසිදු නීතිඥයකු පෙනී නොසිටි බවකි.
0 comments:
Post a Comment