Photobucket

Thursday, January 3, 2013

අඳුන් දිවියෙක් පඳුර අස්සේ

ගලේවෙල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සම්මන්ත්‍රණ ශාලාව අසල පඳුරක් තුළ දී දුර්ලභ ගණයේ කුඩා හඳුන් දිවියෙක් (03) උදේ හමු වී ඇත. වයස අවුරුදු තුනක් පමණ වන මෙම හඳුන් දිවියා අඩි 2 ½ ක් පමණ උසය. අඩි 3 ක් දිගය. 

 උදේ 7.30 ට පමණ මෙම හඳුන් දිවියා මුලින්ම දැක ඇත්තේ එම කාර්යාලයේ කාර්යාල කාර්ය සහයක මහත්මයකු විසින් ය. ඔහු ඒ බව ප්‍රාදේශීය ලේකම්වරියට දැන්වීමෙන් පසු වනජීවි නිලධාරීන්ට දැනුම් දී ඇත. පෙරවරු 10 ට පමණ වනජීවි නිලධාරින් පැමිණ මෙම හඳුන් දිවියා අල්ලා ගෙන ප්‍රතිකාර සඳහා රැගෙන ගියහ. මෙම දිවියා කිසියම් අනතුරකට ලක් වී සිටින බව වනජීවි නිලධාරින් පැවසූහ. ගලේවෙල ප්‍රදේශයේ දී හඳුන් දිවියෙක් හමු වූ පළමු අවස්ථාව‍ මෙය බව කියති.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all