Photobucket

Wednesday, January 16, 2013

අවි ආයුධ සමඟ පාතාල නායකයා ඇඹිලිපිටියේදී දැලේ

අපරාධ රැසකට සම්බන්ධ බවට සැකකරන ප්‍රධාන පෙළේ පාතාල කල්ලි නායකයකු අවි ආයුධ සමඟ ඇඹිලිපිටිය ප්‍රදේශයේදී පොලිස්‌ විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.  

(13 දා) දහවල් සැකකරු අත්අඩංගුවට ගන්නා විට මොහු ළඟ තිබී ටී 56 ස්‌වයංක්‍රීය ගිනි අවියක්‌, පතරොම් ගැබ් 02 ක්‌, ව්‍යාජ හැඳුනුම්පතක්‌, පොලිස්‌ දෙපාර්තමේන්තුවට පමණක්‌ සීමා වූ පොලිස්‌ නියෝග පොතක්‌, යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් භාවිත කරන ව්‍යාජ හැඳුනුම්පතක්‌, සිම් කාඩ්පත් 17 ක්‌, ජංගම දුරකථන කිහිපයක්‌, රන් භාණ්‌ඩවලට සමාන භාණ්‌ඩ තොගයක්‌ හා රු. 90000 කට වැඩි මුදල් නෝට්‌ටු තොගයක්‌ පොලිසිය විසින් සොයාගෙන තිබේ.

සැකකරු මීට පෙර කිරිබත්ගොඩ ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ රන් භාණ්‌ඩ වෙළෙඳසලක්‌ මංකොල්ලකෑම සහ ජීව අත්බෝම්බයක්‌ ළඟතබා ගැනීම සම්බන්ධව අධිකරණය මගින් වැරදිකරු වී ඇති බව ද හෙළි වී ඇත. සැකකරු ඇඹිලිපිsටිය මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ඡේ. එම්. රිෂාඩ් මහතාගේ උපදෙස්‌ පරිදි සූරියවැව විශේෂ කාර්ය බළකා කඳවුරේ අණදෙන නිලධාරි පො. පරීක්‍ෂක එස්‌. කේ. අබේසිංහ මහතා ඇතුළු නිලධාරීන් කණ්‌ඩායමක්‌ වැටලීම සිදුකර ඇති අතර ඇඹිලිපිටිය සහකාර පො. අධිකාරි බැසිල් ක්‍රිෂාන්ත මහතා ප්‍රමුඛ නිලධාරීහු කණ්‌ඩායමක්‌ වැඩිදුර පරීක්‍ෂණ මෙහෙයවති. මෙම සැකකරු බණ්‌ඩාරගම මොරොන්තුඩුව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි එක්‌දරු පියෙකි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all