Photobucket

Wednesday, January 16, 2013

ස්ටුවර්ට් බ්‍රෝඩ්ගේ ගායිකා පෙම්වතිය

එංගලන්තයේ සුපිරි වේගපන්දු යවන්නා වගේම විස්සයි 20 කණ්ඩායමේ නායක ස්ටුවර්ට් බ්‍රෝඩ්ගෙත්, බ්‍රිතාන්‍ය ගායිකා මොලී කිංගෙත් පෙම් පලහිලව්වට මේ දවස්වල එරට ටැබ්ලොයිඩ් පුවත්පත් අතරේ හිමිවෙන්නේ ප්‍රමුඛස්ථානයක්.

මාස ගණනාවක් තිස්සේ ට්විටර් ඩෙබ් අඩවියෙන් අතිශය ශෘංගාරාත්මක පෙම් පණිවුඩ හුවමාරු කරගත්තු මේ දෙන්නා අන්තිමට පසුගිය දෙසැම්බරයේ 29වැනිදා රාත්‍රියේ මුණගැසුණා. 

ලන්ඩනයේ පිහිටි ඔස්ට්‍රියානු අවන්හලකදි රාත්‍රී ආහාරය ගත් ඔවුන් ඊට කලින් සුදු වයින් බෝතලයක් හිස් කළා. 

කොහොම වුණත් එදා රාත්‍රීයේ බ්‍රෝඩ් නියම මහත්මයෙක් වාගේ හැසිරුණා කියලා මොලී කියනවා.

මෝස්තර නිරූපණ ශිල්පියෙක් වන ඩේවිඩ් ගැන්ඩි සමග පැවැති දීර්ඝ කාලීන ප්‍රේමය බිඳ වැටුණට පස්සේ පසුගිය කාලයේ හැරී කුමරු සමඟ පෙමින් බැඳී සිටි මොලී කාලයක් තිස්සේ ‘යහපත් යාත්‍රිකයෙක්‘ හොය හොයා සිටි බවයි ඇගේ මිතුරියන් පවසන්නේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all