Photobucket

Tuesday, January 15, 2013

පොලිසියට කට්ටි පැන්න යතුරු පැදි සොරා අඟුරුවාතොට දී අත්අඩංගුවට

බස්නාහිර පළාත් බුද්ධි අංශය මගින් අඟුරුවාතොට පොලිසියේ බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත ක්‍රියාත්මක වූ අඟුරුවාතොට පොලිසිය මගින් පසුගියදා ගල්පාත හොරණ මාර්ගයේ කොට්ටන්ගස් හන්දිය අසලින් ගමන් ගනිමින් තිබූ යතුරු පැදියක් නතර කර එය පදවමින් සිටි යතුරු පැදි කරුගෙන් ප්‍රශ්න කිරීමේදී එම යතුරු පැදියේ අංකය වෙනස් කර ඇති බවට තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඔහු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු හා යතුරු පැදිය පිළිබඳව විමර්ශනය කිරීමේ දී සැකකරු විසින් එම යතුරුපැදිය කළුතර ප්‍රදේශයේදී සොරකම් කළ එකක් බවට අනාවරණය වී ඇත.

සැකකරු ගල්පාත, බටගොඩ, වතුපිටවත්ත ප්‍රදේශයේ විවාහක තරුණයෙකි.

සැකකරු පිළිබඳව ලද තොරතුරු අනුව ඔහුගේ නිවෙස පරීක්ෂා කිරීමේදී නිවසේ තිබී රු: ලක්ෂ හතරක් පමණ වටිනා අංක රහිත යතුර පැදි දෙකක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 

මේ සැකකරු පිහියා ඇනුමක් සම්බන්ධයෙන් කළුතර පොලිසියට අවශ්‍ය පුද්ගලයෙක් බව වැඩිදුරටත් අනාවරණය වී තිබේ. වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා එම සැකකරු අඟුරුවාතොට පොලිසිය විසින් කළුතර උතුර පොලිසියට පසුගියදා භාරදෙනු ලැබිණි.

මේ සිද්ධිය පිළිබඳව අඟුරුවාතොට පොලිසියේ ස්ථානාධිපති, අජිත් කුමාර, බුද්ධි අංශ නිලධාරි සැරයන් ප්‍රියංකර, උප පොලිස් පරීක්ෂක නිහාල් රත්නායක, පොලිස් කොස්තාපල් පුෂ්පකුමාර, හෙට්ටිආරච්චි , පෙරේරා යන මහත්වරු පරීක්ෂණවලට සහභාගි වූහ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all