Photobucket

Tuesday, January 15, 2013

බලුකිස්තාන ආණ්ඩුව ගෙදර යවයි

ෂියා මුස්ලිම්වරුන් 92ක් මරා දැමීමේ සිද්ධියට

පාකිස්තානයේ කුවෙට්ටා නගරයේ ස්නූකර් සමාජ ශාලාවකදී ෂියා මුස්ලිම් වාර්ගිකයන් 92දෙ නකු මරාගෙන මැරෙන බෝම්බකරුවකු විසින් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බලුකිස්තාන පළාත් ආණ්ඩුව නෙරපා හැරීමට අගමැති රාජා පර්වේස් අෂ්රෆ් ඊයේ පියවර ගත්තේය.

ඉකුත් බ්‍රහස්පතින්දා ඇතිවූ‍ මේ සිද්ධියේදී ඝාතනය වූවන් මිහිදන් කිරීම එම ෂියා මුස්ලිම් ප්‍රජාව විසින් ප්‍රතික්ෂේප කර ඇත. ලෂ්කර-ඉ- ජාන්ග්වි නම් සුන්නි මුස්ලිම් සටන්කාමී සංවිධානය විසින් සිදුකරන ලද බව පිළිගෙන ඇති මේ ප්‍රහාරයේදී120 දෙනකු පමණ තුවාල ලබා තිබිණ.

මේ ඝාතන සම්බන්ධයෙන් විරෝධතාවක නියැළෙමින් සිටින ෂියා මුස්ලිම් නායකයින් පවසා ඇත්තේ අෂ්රෆ් විසින් ගන්නා ලද පියවර නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනතුරු විරෝධතා අත් නොහරින අතර ජීවිතක්ෂයට පත්වුවන් මිහිදන් කිරීම සිදු නොකරන බවය‍.

බලධාරින් විසින් නගරයේ පාලනය හා ආරක්ෂක කටයුතු හමුදාවට බාරදිය යුතු බව ද ඔවුහු කියති.

අගමැතිවරයා පෙරේදා කුවෙට්ටා නගරයට පැමිණ ෂියා මුස්ලිම් ප්‍රජාව හමුවී ඔවුන්ගේ දුක්ගැනවිලි හා ඉල්ලීම්වලට සවන් දීමෙන් පසු රූපවාහිනිය ඔස්සේ සජීවීව ප්‍රකාශකළේ ඔවුන්ගේ ඉල්ලීම් සියල්ල පිළිගත් අතර පළාත් ආණ්ඩුව නෙරපමින් පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවන බවය.

ඒ සමඟම ප්‍රහාරයට සම්බන්ධ කොටස් වහා අත්අඩංගුවට ගන්නා ලෙස උපදෙස් දුන් අගමැතිවරයා මිය ගිය අය මිහිදන් කරන ලෙස ෂියා ප්‍රජාවගෙන් ඉල්ලීය.

ප්‍රාන්තයේ ආරක්ෂක තත්ත්වය පිරිහී තිබියදී නෙරපා හළ මහ ඇමැතිවරයා ලන්ඩනයේ සංචාරයක යෙදී සිටි බවට ද චෝදනා එල්ල වී තිබිණ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all