Photobucket

Wednesday, January 16, 2013

හපුතලේ මල්වත්තක නිධන් හාරමින් සිටි 6 ක්‌ කොටුවෙති

හපුතලේ මාලිගාතැන්න ප්‍රදේශයේ මල්වත්තක්‌ තුළ නිධන් හාරමින් සිටි පුද්ගලයන් 6 දෙනකු 
(14 දා) අලුයම හපුතලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අතර කොට්‌ටාව ප්‍රදේශයේ දේවාලයක හිමිකරුවකු ඇතුළු පුද්ගලයන් තිදෙනකුද හපුතලේ පිටපොල ප්‍රදේශයේ පුද්ගලයකුද හපුතලේ ඉදල්ගස්‌හින්න ප්‍රදේශයේ එක්‌ අයකුද සිටින බව හපුතලේ පොලිසිය පවසයි.

පොලිසියට ලැබුණු ඔත්තුවක්‌ අනුව හපුතලේ රත්කරව්ව මාලිගාතැන්න ප්‍රදේශයේ ග්‍රැට්‌රෝස්‌ µdම් නමින් පවත්වාගෙන ගිය මල්වත්තකදී මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් සමග නිධන් හෑරීමට යොදාගත් හඳුන්කූරු, සාම්බ්‍රානි, පහන්, පොල්, ගිරයක්‌ පිරිත්නූල්, බුලත්, පන්දමක්‌ උදලු, පාත්තරයක්‌ ලන්තෑරුමක්‌, කඩුවක්‌, සුදු හා රතු රෙදි, කුලු 1 ක්‌, කළගෙඩි 7 ක්‌, අබතෙල්, එඬරුතෙල්, තලතෙල්, එළඟිතෙල්, පස්‌තෙල් ආදියද අත්අඩංගුවට ගෙන ඇත.

බණ්‌ඩාරවෙල පොලිස්‌ අධිකාරි ජගත්චන්ද්‍රකුමාර මහතාගේ උපදෙස්‌ පරිදි හපුතලේ පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රියංකර කුමාර උ.පො.ප. සමීර ප්‍රනාන්දු, පො.සැ. (63058) ජයරත්න, පො. සැ. (02397) සතරසිංහ, පො. කො. (43983) ප්‍රියන්ත පො. කො. (60138) මුදිත, පො. කො. (68806) බාලසූරිය. පො. කො. (73800) ජයසූරිය, පො. කො. (73739) අබේකෝන් යන නිලධාරීහු මෙම වැටලීමට සහභාගි වූහ.

සැකකරුවන් ගැන වැඩිදුර විමර්ශනය කරමින් තිබෙන බවත් ඊයේ සවස බණ්‌ඩාරවෙල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරපත් කිරීමට නියමිත බවත් හපුතලේ පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා පවසයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all