දකුණු අප්‍රිකානු සහ එක්‌සත් අරාබි එමීර්
කණ්‌ඩායම්වල උපදේශක වශයෙන් කටයුතු කළ රවින් ඩි ප්ලිසීව ශ්‍රී
ලංකා ජාතික රග්බි කණ්‌ඩායමේ නව පුහුණුකරු ලෙසින් පත්කිරීමට
ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ පරිපාලන කමිටුව තීරණය කර ඇත.
ඒ අනුව ආසියානු zµයිව් නේෂන්ස්Zරග්බි තරගාවලියේ පළමු කාණ්‌ඩයේ
තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්‌ඩායම සූදානම් කිරීමේ වගකීම ඔහුට
පළමුව පැවරෙයි.
දකුණු අප්‍රිsකානු සහ එක්‌සත් අරාබි එමිරේට් කණ්‌ඩායම් වලට උපදෙස් සපයමින් ඔහු දැක්‌වූ සාර්ථකත්වය මෙම පත්වීම සඳහා කැපී පෙනෙන සුදුසුකමක් වූ බව රග්බි සංගමය පවසයි.
ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව ඩි ප්ලිසි මහතා නවසීලන්ත සහ දකුණු අප්‍රිකානු වෘත්තීය මට්‌ටමේ රග්බි ක්‍ෂේත්‍රයේ වසර 15 ක අත්දැකීම් ඇත්තෙකි.
ඔහු දකුණු අප්‍රිකානු රග්බි සංගමයේ ප්‍රධාන පුහුණුකරු සම්බන්ධීකාරක ලෙසින්ද, කූරි කුසලාන සඳහා ප්‍රධාන පුහුණුකරු ලෙසින්ද, 2003 රග්බි ලෝක කුසලාන සඳහා තාක්‍ෂණික උපදේශකයකු ලෙසින්ද, ස්‌ටෝම්ස් සහ බ්ලු සුපර් යන කණ්‌ඩායම් සඳහා සහය පුහුණුකරුවකු ලෙසින්ද, ඩුබායි රග්බි එක්‌සිල්ස් හී අධ්‍යක්‍ෂවරයෙකු ලෙසින්ද, නවසීලන්තයේ කැන්ටබරි රග්බි සංගමයේ ඉහළ දක්‍ෂතා පුහුණුකරුවකු ලෙසින්ද, කැන්ටබරි රග්බි ඇකඩමියේ පුහුණුකරු සහ කළමණාකරුවකු ලෙසින්ද, නවසීලන්ත රග්බි සංගමයේ කැපී පෙනෙන පුහුණුකරුවකු ලෙසින්ද සේවය සපයා අත්දැකීම් ඇත්තෙකි.
43 හැවිරිදි වියේ පසුවන ඩි ප්ලිසී මහතා සතු රග්බි පුහුණු ක්‍ෂේත්‍රයේ මෙන්ම සංවිධාන ක්‍ෂේත්‍රයේ ජාත්‍යන්තර අත්දැකීම් මතින් ඔහු ගොඩනගාගෙන ඇති සබඳතාද ශ්‍රී ලංකා කණ්‌ඩායමේ සාර්ථකත්වය උදෙසා යොදාගැනීමට අවස්‌ථාව සැලසෙනු ඇත.
අදාළ ආසියානු µයිව් නේෂන්ස් තරගාවලිය සඳහා තෝරාගෙන ඇති ශ්‍රී ලංකා කණ්‌ඩායම, තේරීම් කමිටු සාමාජිකයන් සහ කණ්‌ඩායම් කළමණාකාරීත්වය මෙම 26 වැනිදා මුණගැසීමට නියමිතය.
මේ අතර ශ්‍රී ලංකා සත්සාමාජික රග්බි කණ්‌ඩායමේ පුහුණුකරු ලෙසින් කටයුතු කරමින් කැපී පෙනෙන ස්‌ථානයකට කණ්‌ඩායම රැගෙන ගිය එංගලන්ත ජාතික බෙන් ගොලින්ග්ස් මහතාගේ සේවය තවදුරටත් සත්සාමාජික කණ්‌ඩායම වෙනුවෙන් ලබාගන්නේදැයි zදිවයිනZ කළ විමසුමකට පිළිතුරු දුන් ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ ප්‍රකාශකයෙකු එය තවමත් සාකච්ජා මට්‌ටමේ පවතින්නක් බව පැවසීය.

0 comments:
Post a Comment