බාලවයස්‌කාර දැරියන් දෙදෙනකු නීත්‍යානුකූල භාරකාරත්වයෙන්
අපහරණය කොට ඇඟලුම් කම්හලක සේවය සඳහා රැගෙන යමින් සිටි
කාන්තාවන් දෙදෙනකු හා පිරිමි පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට
ගෙන තිබේ.
සැකකරුවන් විසින් කල්පිටිය උච්චමුණේ දූපතේ පදිංචි 13 හැවිරිදි දැරියන් දෙදෙනකු මෙසේ වෑන් රථයකින් රැගෙන යමින් සිටියදී කල්පිටිය පොලිසියේ නිලධාරීන් කණ්‌ඩායමක් විසින් (13 දා) පස්‌වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි. සැකකරුවන් හා බාලවයස්‌කාර දැරියන් දෙදෙනා (14 දා) පුත්තලම මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. කල්පිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‌ෂණ පවත්වයි.
0 comments:
Post a Comment