Photobucket

Wednesday, January 16, 2013

ජාත්‍යන්තර ගුසී සාම ත්‍යාගය විශාරද දීපිකා පි‍්‍රයදර්ශනීට

ලොව පුරා සාම ක්‍රියාකාරීන් ඇගැයීමේ අරමුණෙන් පිලිපීනයේ ගුසී සාම පදනම පිරිනමන ජාත්‍යන්තර ගුසී සාම ත්‍යාගය මෙවර ශ්‍රී ලංකාවේ ප්‍රවීණ ගායිකාවක වන විශාරද දීපිකා පි‍්‍රයදර්ශනී මෙනෙවියට පසුගියදා මැනිලා නුවර දී ප්‍රදානය කෙරිණි.

විවිධ ක්ෂේත්‍ර යටතේ ලොව පුරා සියලු රටවලින් තෝරාගත් 20 දෙනෙක් මෙම සම්මානයෙන් පිදුම් ලදහ. ගායනයෙන් මානූෂීය සුබ සාධනය හා සාමය උදෙසා දීපිකා කළ යුග මෙහෙවර වෙනුවෙන් පිරිනැමුණු මෙම සාම ත්‍යාගයේ දී විශේෂයෙන් ම සැලකිල්ලට ගනු ලැබුවේ ඇය ගායනා කළ “සරෝජා” ගීතය සමඟ ඇය නිරත වූ විවිධ සමාජීය සේවා කටයුතුය.

දීපිකා පි‍්‍රයදර්ශනි වෙත ගුසී සාම ත්‍යාගය පිරිනමන ලද්දේ ප්‍රාසාංගික කලාව සහ මානුෂීය සුබසාධනය නම් අංශය යටතේය. මෙම අංශය යටතේ මෙම ජාත්‍යන්තර සාම ඇගයුම ලද අනෙක් කලා ශිල්පියා ඉරාකයේ නසීර් ෂම්මාය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all