Photobucket

Thursday, January 10, 2013

කිරිබත්ගොඩ ඇළට විෂ ද්‍රව්‍ය දැමූ අයට දැඩි දඩුවම් දෙනවා

කිරිබත්ගොඩ මුදුන් ඇළට විෂ රසායනික ද්‍රව්‍ය දැමීම සම්බන්ධයෙන් වැරදි කරුවන් වන අයට විරුද්ධව දැඩි නීතිමය පියටර ගන්නා බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති විමල් රූබසිංහ මහතා පැවසීය.

කැලණි ගඟට සම්බන්ධ අතු ගංගාවක් වන කිරිබත්ගොඩ මුදුන් ඇළේ මසුන් මියයාම සම්බන්ධයෙන්සභාපතිවරයාගේ උපදෙස් මත පරික්ෂණයක් පැවැත්වේ. කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි තීන්ත ආලේපන කර්මාන්ත ශාලාවකින් නිකුත් කෙරෙන විෂ රසායන ද්‍රව්‍ය කැලණි ගඟට සම්බන්ධ අතු ගංගාවක් වන කිරිබත්ගොඩ මුදුන් ඇළට දැමීම නිසා එම ඇළේ මසුන් මියයාමට පටන්ගෙන ඇති බවට පරීත්ෂණ වලින් හෙළිවී තිබේ.

මධ්‍යම පරිසරඅධිකාරියේ ගමිපහ දිස්ත්‍රික් කාර්යාලය මගින්යවන ලද නිලධාරින් කණ්ඩායමක් මගින් මුදුන් ඇළේ ජල නියැදි ලබා ඒවා අදාළ කර්මාන්ත ශාලාවෙන් ලබා ගත් රසායන අපදුව්‍ය සාම්පල් සමඟ සැසැඳෙන්නේද යන්න පිළිබඳව පරික්ෂාවට ලක්කෙරේ. 

මේ කර්මාන්ත ශාලාව මගින් පිටකරන කරන රසායනික අපදුව්‍ය බැහැර කිරීම සඳහා පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි තවත් ආයතනයකට පවරා ඇති බවත්, එම ආයතනය බවුසරයක් මගින් එම රසායනික අපදුව්‍ය මේ ඇළට දමා ඇති බවත් පරීක්ෂණවලින් තහවුරු වී තිබේ. 

එම ප්‍රදේශයේ පානිය ජල මුලාශ්‍රවලටද මේ රසායන ද්‍රව්‍ය මුසුවී ඇද්ද යන්න පිළිබඳව විශේෂ රසායන විශ්ලේෂණයක් සිදුකරමින් සිටින අතර, තම අවශ්‍යතාවයන් සඳහා විකල්ප පානීය ජල ළිං භාවිතා කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමටද පියවර ගෙන තිබේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all