පෘථිවිය හා ගැටුනොත් TNT මෙගා ටොන් 510ක ශක්තියක්...

බදාදා මේ අභ්‍යවකාශ සංචාරකයා පෘථිවියට කිලෝ මීටර් මිලියන 14ක් දුරින් ගිය බව ග‍්‍රිනිච් වේලාවෙන් රාත‍්‍රී 12 ට ස්ලූත් අභ්‍යවකාශ කැමරාව මගින් නිරීක්ෂණය වුණා. මෙය නැවත පැමිනෙන අතර 2036 පැමිණීම තර්ජනයක් විය හැකි ලකුණු පවතිනවා.
පැරණි ඊජිප්තු යක්ෂයෙකුගේ නමින් නම් කර ඇති මෙය 2004 දී සොයාගත් අතර එකල දැක්වුනේ 2029 දී පාථිවිය හා ගැටිය හැකි බවකි.
නාසා විද්‍යාඥයන්ට අනුව 2029 දී ගුරුත්ව සිදුරකින් ගමන් කිරීමෙන් මාර්ගය වෙනස් වී 2036 දක්වා කාලය දික්වී තිබෙනවා. රුසියානු විද්‍යාඥයන් මෙහි රේඩියෝ සංඥායකයක් පිහිටවා එමගින් කක්ෂය නිර්ණය කිරීමට සැලසුම් කරනවා. නමුත් එය සිදුවනු ඇත්තේ 2020 න් පසුවය.
නාසා ගණනයන්ට අනුව ඇස්ටරොයිඩය පෘථිවිය හා ගැටුනොත් TNT මෙගා ටොන් 510 ක් පිපිරුණු විට වැනි ශක්තියක් නිකුත් වනු ඇති අතර එය මෙතෙක් පිපිරුණු විශාලම හයිඩ‍්‍රජන් බෝම්බය මෙන් දස ගුණයකි. ආනතිය අනුව ගැටුමේ බලපෑම වෙනස් විය හැකිය.
වර්ග කිලෝ මීටර් දහස් ගණනක් විනාශ වුවද කල් ගතවන බලපෑම් කිසිවක් ඇති නොවේ. 2012 මැයි මස මීටර් 100ට වැඩි විශ්කම්භයෙන් යුත් ඇස්ටරොයිඩ 4700ක් පමණ පිලිබඳ වාර්තාවක් නාසා ආයතනය ඉදිරිපත් කල අතර ඉන් තුනෙන් එකක් පමණක් රේඩාර් ආවරණයට ලක්කරගෙන ඇත.
0 comments:
Post a Comment