Photobucket

Wednesday, January 16, 2013

තොටළඟ තෙල් නළයක කාන්දුවකින් ලීටර් හාරදහසක්‌ පිටතට ගලයි

තොටළඟ පාපඩම්වත්ත ප්‍රදේශයේ කොළඹ වරායේ සිට කොළොන්නාව දක්‌වා තෙල් ප්‍රවාහනය කරන නළයක  (14 වැනිදා) සිදු වූ කාන්දුවක්‌ නිසා තෙල් ලීටර් 4000 ක්‌ පමණ පිටතට ගලාගොස්‌ තිබුණි.

මෙම තෙල් කාන්දුව (14 වැනිදා) රාත්‍රි 12.00 ට පමණ සිදුව තිබෙන අතර එය දැනගත් වහාම පිළිසකර කටයුතු සිදු කිරීම සඳහා තෙල් කර්මාන්ත අමාත්‍යාංශ කටයුතු කළ බව එහි උසස්‌ නිලධාරියෙක්‌ (15 වැනිදා) පැවැසීය. තෙල් කාන්දුව වසර ගණනාවක්‌ පැරණි නළ පද්ධතිය ස්‌ථාන දෙකකින් දිරා යැම නිසා හටගෙන තිබෙන බවද පැවසූ එම නිලධාරියා පිටතට පැමිණි තෙල්වලින් වැඩි ප්‍රමාණයක්‌ සංස්‌ථාවේ බවුසර්වලට එකතු කරගත් බවද කීය. කාන්දු වූ තෙල්ත සංස්‌ථාවේ බවුසර් යොදා එකතු කර ගන්නා අයුරු ඡායාරූපයෙන් දැක්‌වේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all