Photobucket

Wednesday, January 16, 2013

සිරියා අර්බුදයෙන් තවත් මල් කැකුළු 26ක් මිලින වෙයි

සිරියාවේ ඩැමස්කස් නගරයේ පෙරේදා ඇවිළී ගිය සටන්වලින් ළමයින් 26 දෙනකු මිය ගොස් ඇතැයි හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි.

මොවුන් මාස 6 සහ අවුරුදු 9 අතර පසුවෙන්නන් බව ද සඳහන්ය.

ජනාධිපති බෂා අල් අසාද් තහනමට ලක් වී ඇති පොකුරු බෝම්බ වැඩි වැඩියෙන් පාවිච්චි කරන බව ද හියුමන් රයිට්ස් වොච් සංවිධානය චෝදනා කරයි.

කෙසේවෙතත් රජය පවසන්නේ මෙම සිද්ධීන් ත්‍රස්තවාදී ප්‍රහාර නිසා සිදුවූ ඒවා බවයි.

මේ අනුව 2011 මාර්තු මාසයේදී සිරියා රාජ්‍ය විරෝධී අරගලය ඇරඹි දා පටන් 3500කට අධික ළමයින් සංඛ්‍යාවක් මිය ගොස් ඇතැයි සිරියාවේ නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි. මිගොස් ඇති සම්පූර්ණ සංඛ්‍යාව 60,000 ඉක්මවා ඇති අතර සඳුදා මිය ගිය සංඛ්‍යාව 126ක් බව සඳහන් වේ.

සරණාගතයන් ලෙස අසල්වාසි රටවලට පැන ගිය සංඛ්‍යාව 600,000 ඉක්මවා ඇත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all