Photobucket

Wednesday, January 16, 2013

ජර්මන් කතගේ සිරුර භාර ගන්න කෙනෙක් නෑ

අම්බලන්ගොඩ, මාදම්පාගම, දේවගොඩ මැදපාර ලිපිනයේ තාවකාලිකව නතර වී සිටි ජර්මන් ජාතික කාන්තාවක් මිය ගොස් දැනට සතියක පමණ කාලයක් ගතවී ඇතත්, මෘත දේහය භාර ගැනීමට මෙතෙක් කිසිදු ඥාතියකු දිවයිනට පැමිණ නැතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. දැනට මෘත දේහය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇත. 

 මෙසේ මියගොස් ඇත්තේ ජර්මන් ජාතික රිවර්රි රෝස් මේරි නමැති පණස් අටහැවිරිදි කාන්තාවකි. මිය ගිය විදේශීය කාන්තාව 2012 දෙසැම්බර් 18 වැනි දින මැලේසියාවේ සිට ලංකාවට පැමිණ ඇතැයි පොලිසිය අනාවරණය කරගෙන තිබේ. විදේශිය ගමන් බලපත් අංක සී/පී440 යටතේ ඇය දිවයිනට පැමිණ ඇත. මිය ගිය තැනැත්තිය පිළිබඳ ‍තොරතුරු ජර්මන් තනාපති කාර්යාලය මඟින් එම රටට දැනුම් දී ඇතත් මෙතෙක් එරටින් දේහය රැගෙන යාම සඳහා කිසිදු ප්‍රතිපාදනයක් ලබාදී නැතැයි ද පරික්ෂණ මෙහෙයවන පොලිසිය වාර්තා කරයි. මිය ගිය කන්තාව අසනීපවීමෙන් පසුව බලපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත යවා ඇත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all