Photobucket

Sunday, January 13, 2013

හිරිමල් ජෝඩුව ආයෙත් වෙන්වෙලා

හිරිමල් වියේ ගායක ගායිකා යුවළක් වන ජස්ටින් බීබර් සහ සෙලීනා ගෝමස් පෙම්වතුන් බව නොරහසක්. ඒත් වරින් වර දෙදෙනාගේ ආදරය බිඳී ගිය වගක් පෙනෙන්නට තිබුණා. 

එක් වතාවක් පෙමින් වෙළි සිටින ඔවුන්, තවත් වතාවකදී කුමක් හෝ හේතුවක්ට විරසක වෙනවා.

පසුගිය දෙසැම්බර් මාසය වන විට සිත් අමනාපකම් දුරු කරගෙන සිටි ජස්ටින් සහ සෙලීනා 2013 උදාව සමරන්නට මෙක්සිකෝව බලා පියාසර කරන්නට එකඟ වුණා. 

නමුත් දෙසැම්බර් 13 දා වන විට ‘තත්ත්වය’ නරක අතට හැරුණත් කලින් තීරණය කරගත් පරිදි ම දෙදෙනා මෙක්සිකෝව බලා පිටත් වුණා. 

ඉතින්, දෙදෙනා සතුටින් කාලය ගත කළා ද? නැහැ. 

දෙසැම්බර් 30 දා වන විට ‘වාතාවරණය’ දරුණු වෙලා. 

ජස්ටින් සහ සෙලීනා අතර උණුසුම් වචන හුවමාරුවක් සිද්ධ වෙලා. තම තමන්ගේ ගමන්මලු රැගත් මේ පෙම් යුවළ, වෙන වෙනම ගෙවල් දොරවල් බලා පැමිණියාලු.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all