Photobucket

Sunday, January 6, 2013

හසිතගේ මරුවා පළපුරුදු වෙඩික්කරුවෙක්:කැළණියේ ආරක්ෂාව තර කෙරේ

කැලණිය ප්‍රාදේශීය සභාවේ සංධාන මන්ත්‍රී හසිත මඩවල මහතා ඝාතන විමර්ශනය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇති අතර පොලිස්පති වරයාගේ නියෝගයෙන් එම පොලිස් කණ්ඩායම පත්කර තිබේග සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ සිදුකෙරේඅංක තහඩු නොමැති යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් හසිත මඩවල මහතාට වෙඩිතබා තිබිණිග යතුරු පැදියේ පිටුපස අසුනේ සිටි පුද්ගලයෙක් විසින් වෙඩිතබා තිබෙන අතර වෙඩි 6 ක් පමණ තබා ඇතැයි අනාවරණය වී තිබේ.

වෙඩික්කරු පළපුරුදු පුද්ගලයෙක් බව වෙඩි තබා ඇති ආකාරයෙන් පැහැදිලි වන බව විමර්ශන වලින් අනාවරණය වී ඇත. ඇතැම් විට ඔහු  හමුදාවෙන් පළාවිත් ඇති අයෙක් වන්නට හැකි බව විමර්ශකයන් විශ්වාස කරයි.

මෙම ඝාතනයත් සමඟ කැලණියේ පිහිටි ඇමති මර්වින් සිල්වා මහතාගේ කාර්යාලවල ආරක්‍ෂාව තරකර ඇත. කැලණියේ ආරක්‍ෂාව වෙනුවෙන් අවශ්‍යතාමත පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමටද බලධාරීන් සැලසුම්කර තිබේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all