Photobucket

Wednesday, January 16, 2013

විභාග නිලධාරීන්ගෙන් සී.අයි.ඩි.ය කටඋත්තර ගනී

නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ ප්‍රශ්න පත්‍රය කලින් පිට වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර කටඋත්තර ලබාගෙන ඇත.

ඉකුත් 2012 වර්ෂයේ නීති විද්‍යාල ප්‍රවේශ විභාග ප්‍රශ්න පත්‍රය කලින් පිට වූ බව කියමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබුණු පැමිණිලි කීපයකට අනුව එහි විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීති විද්‍යාල ප්‍රවේශ විභාගයට ඉදිරිපත් වූ ශිෂ්‍යයන් කීපදෙනකුගෙන් ද ප්‍රශ්න කිරීමට නියමිතය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all