Photobucket

Wednesday, January 16, 2013

හිටපු අගවිනිසුරුවරිය නිල නිවසින් ඉවත් වේ

හිටපු අගවිනිසුරුවරිය වන ශිරාණි බණ්ඩාරනායක මහත්මිය (15) පස්වරුවේ අගවිනිසුරු නිල නිවසින් ඉවත්වී ඇති බව වාර්තා වේ.

නව අගවිනිසුරුවරයා ලෙස හිටපු නීතිපති මොහාන් පීරිස් මහතා‍ගේ නම පාර්ලිමේන්තු කවුන්සිලය විසින්  (15) නිර්දේශ කර තිබේ. 

අගවිනිසුරුවරයා ලෙස පත්කළ යුතු අයෙකුගේ නම පාර්ලිමේන්තු කවුන්සිලය වෙත ජනාධිපතිවරයා විසින් යොමු කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු කවුන්සිලය විසින් එකී නම නිර්දේශ කොට යළි ජනාධිපතිවරයා වෙත යොමු කළ යුතුය.

එවිට එකී නම් දරන තැනැත්තා "අගවිනිසුරු" ලෙස පත්කිරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව බලය පැවරෙයි.

ඒ අනුව මෙරට 44 වන අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ  (15) දිවුරුම්දී තිබේ. 

පාර්ලිමේන්තු කවුන්සිලය විසින් මොහාන් පීරිස් මහතාගේ නම නිර්දේශ කොට යැවීමෙන් පසු ජනාධිපතිවරයා විසින් අදාළ පත්වීම සිදුකර ඇත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all