Photobucket

Wednesday, January 16, 2013

ගොළු හදවතේ 'සුගත්' ජීවිත රඟමඩලින් නික්‌ම යයි

ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ මහතා අධ්‍යක්‍ෂණය කළ "ගොළු හදවත" චිත්‍රපටයේ 'සුගත්' ලෙස රඟපාමින් රසික ආදරයට පාත්‍ර වූ ප්‍රවීණ රංගන ශිල්පී වික්‍රම බෝගොඩ මහතා (15 දා) අභාවප්‍රාප්ත විය. මියයන විට 72 වැනි වියේ පසු වූ බෝගොඩ මහතා පන්නිපිටිය ධර්මපාල විදුහලේ ආදි සිසුවෙකි. 

ස්‌වර්ණා සඳසීලි බෝගොඩ මහත්මිය සමඟ විවාහ වී සිටි බෝගොඩ මහතා සාගර, නිමාලි, කෞශල්‍ය යන දූ පුතුන්ගේ පියාණන් විය. ධර්මපාල විදුහලේ වේදිකාවේ "වැනීසියේ වෙළෙන්දා" නාට්‍යයේ ෂයිලොක්‌ගේ චරිතය රඟපෑමෙන් හෙතෙම රංගනයට එක්‌විය. සුගතපාල ද සිල්වාගේ "බෝඩිංකාරයෝ" වේදිකා නාට්‍යයේ බෝගොඩ මහතා කළ රංගනය විචාරක පැසසුමට ද ලක්‌විය. ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ අධ්‍යක්‍ෂණය කළ "ගම්පෙරළිය", "යුගාන්තය", "කලියුගය" යන චිත්‍රපට ත්‍රිsත්වයේම රඟපෑ වික්‍රම බෝගොඩ "බිනරමලී" ඇතුළු චිත්‍රපට කිහිපයකට ද එක්‌විය. ලංකා බැංකුවේ විධායක නිලධාරියකු ලෙස විශ්‍රාම යනතුරුම සේවය කළේය.

වික්‍රම බෝගොඩ මහතාගේ දේහය 49, පරණ පාර, පන්නිපිටිය ලිපිනයේ පිහිටි නිවසේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර ඇති අතර ඒ මහතාගේ අවසන් ඉල්ලීම පරිදි (17 දා) දහවල් මෘතදේහය වෛද්‍ය විද්‍යාලයට භාරදීමට නියමිතය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all