හිටපු අගවිනිසුරු අශෝක ද සිල්වා
අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග යෝජනාව පසුගියදා වැඩි ඡන්දයෙන්
සභා සම්මත වුණා. පුවත් මැවූ මේ දෝෂාභියෝගය පිළිබඳ ඔබේ අදහස කෙබඳු ද?
දෝෂාභියෝගය සම්බන්ධයෙන් පැවැති පාර්ලිමේන්තු විවාදයේ අවසන් ප්‍රතිඵලය
අනුව එහි අවසන් තීන්දුව මේ රටේ ජනාධිපතිතුමා විසින් ගනු ලැබුවා. ඒ සමඟ මේ
දෝෂාභියෝගයේ කතාව අවසන් කෙරෙනවා. එහෙත් දෝෂාභියෝගයක් මෙවැනි තත්ත්වයක්
දක්වා දුර දිග ගියේ ඉතිහාසයේ ප්‍රථම වරටයි. මෙතෙක් මේ රටේ හිටි
අගවිනිසුරුවරුන් මෙවන් අවස්ථාවන්හි අඩු කාලයකින් විසඳගෙන ගියා. එය
පාර්ලිමේන්තුව දක්වා ගෙන යාමට ඔවුන් කිසිවිටෙකත් කටයුතු කළේ නැහැ.
ඒක තමයි මටත් හිතාගන්න බැරි. සාමාන්‍යයෙන් මට ඔය වගේ දෝෂාභියෝගයක් ආවා නම්
මම නොබියව මුහුණ දෙනවා. ඒකට මුහුණ දෙන්න හැකියාවක් තියෙන්න ඕනෑ. ඕනෑම කෙනකුට
චෝදනා කරන්න පුළුවන්. ඒ චෝදනාවලට උත්තර දෙන්නෙ නැතිනම් ඒකෙත් ලොකු
ප්‍රහේලිකාවක් තිබෙනවා. අහන්නේ එකක් කියන්නෙ එකක්. අගවිනිසුරුවරියට
තිබුණු පළවෙනි චෝදනාව තමයි ට්‍රිලියම් එකෙන් ගෙයක් ගත්තද, නඩු අහ අහ ඉද්දි ගේ
ගත්ත දැ” ඒකට උත්තර දෙන්නේ නැතිව “අරය ගෙයක් ගත්තා, මෙයා ගෙයක් ගත්තා” කිය කිය
කියනවා. විහිළුවක්නේ.
ඒ කියන්නෙ අදාළ ප්‍රශ්නෙට උත්තර නොදී දෙයක් හංගගෙන උත්තර දෙනවා කියන එකද?
හංගගෙන නෙවේ, ඒ කියන එකේ ඇතුළෙම තියෙනවා අරය ගත්තා මමත් ගත්තා කියන එක. නමුත්
නඩු අහ අහ ඉද්දි ගේ ගත්ත ද? කියන කාරණයයි මෙතැනදී වැදගත් වෙන්නේ. එහෙම නැත්නම්
කාටත් ට්‍රිලියම් එකෙන් ගෙවල් ගන්න පුළුවන්. මේ වෙද්දී ගෙවල් 600ක් විකුණලා
තියෙනවා.
සල්ලි දීලා ගෙවල් ගන්නවා. ප්‍රශ්නය ඒක නෙමේ. නඩු භාණ්ඩය මිලදී ගැනීමයි.
ඒක හරියට මහේ්ස්ත්‍රාත්වරයෙක් ඉස්සරහ නඩු භාණ්ඩයක් රාජසන්තක කරලා එතුමා නඩු
භාණ්ඩය ගෙදර අරන් යනවා වගේ වැඩක්. එය මහේස්ත්‍රාත් කෙනෙක් කරන අශිලාචාර වැඩක්.
එය ලොක්කෙක් කළහම එය විග්‍රහ කරන්නේ මොන තත්ත්වයෙන් ද, මේ කාරණය ගැන තවදුරටත්
කතා කරද්දි අපට අමරසිංහ මහත්මයාගේ කෘතිය ඉතා වැදගත් වෙනවා.
එය නඩුකාරවරු
හැසිරිය යුතු ආකාරය හා චර්යාධර්ම අළලා ලියැවුණු කෘතියක්. ඒ අනුව ඇසිය යුතු දේ,
කළ යුතු දේ ඉතා හොඳින් ඒ පොතේ ලියවිලා තියෙනවා. අධිකරණ පුහුණු
මධ්‍යස්ථානයේදී අධිකරණ කටයුතු සම්බන්ධයෙන් අප නිතර දේශන පවත්වන්නේ මේ
කාරණා ගැනමයි. ඒත් අවසානයේ කියන්න වෙන්නේ කියනකොට මෙහෙමයි කරනකොට මෙහෙමයි
කියලයි.
උත්තරීතර අධිකරණය දේශපාලනීකරණය කිරීමට තරම් මේ දෝෂාභියෝගය සමත් වූ
බවක් දක්නට තිබුණා. මේ පිළිබඳ ඔබේ මතය...?
අධිකරණය විතරක් නෙමේ, නීතිඥ සංගමයත් දේශපාලනීකරණය වෙලා ඉවරයි. මේ දෙකම
ඒකෙන් මුදා ගැනීමයි ඊළඟට ඇති ප්‍රබලම ගැටලුව. මේ වේලාවේ නීතිඥ සංගමයට මම
කියනවා තමන්ට විශාල යුතුකමක් තිබුණා මෙවැනි දෝෂාභියෝගයක් ආ මොහොතකදී ඒ
අයගේ කොමිටියක් පත්කරලා බලන්න.
මේ චෝදනාවලට සාක්ෂි තියෙනවද නැද්ද? කියලා.
එහෙම සාක්ෂි තියෙනවා නම් “අධිකරණය රැක ගැනීමට අපට විශාල යුතුකමක් තියෙනවා.
ඒ නිසා අපට මේ දෝෂාභියෝගයට සහයෝගය දක්වන්න බෑ” කියලා චෝදනා ලැබූ තැනැත්තාට
අවවාද කරන්න තිබුණා. නමුත් මෙතැනදී එහෙම දෙයක් වුණා දැයි සැක සහිතයි. පොල් ගගහ
ඇවිදිනවාට වඩා ඇත්තටම කළ යුතුව තිබුණේ එයයි. මේ කාරණයේදී මුලදි පස්ස ගගහ
හිටපු නීතිඥ සංගමය මොනයම් හෝ හේතුවකට අන්තිමේදි අනිත් පැත්ත හැරිලා දුවන්න
පටන් ගත්තා.
දෝෂාභියෝගය පිළිබඳ ගැටලුව එළැඹෙන මාර්තුවේදී ජගත් මානව හිමිකම්
කොමිසමේදී කතිකාවකට බඳුන් කිරීමේ සීතල බලවේගය පිළිබඳ ඔබේ අදහස කෙබඳු ද?
ඒකට තමයි ඔය ඔක්කොම නාඩගම් නටන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු
කරලා තියෙනවා නම් මෙහෙ ඉන්න නඩුකාර මහත්මියෙක් පගාවක් ගත්තා. ඒක නීති
විරෝධියිද කියලා අපි සුද්දා ළඟට ගිහින් අහන්න අවශ්‍යතාවක් නෑනේ. එවැනි
තත්ත්වයක් ඇති කිරීම රට අපකීර්තියට පත් කිරීමක්. එය එතරම් හොඳ දෙයක් නෙවේ. මේ
රට එවැනි තත්ත්වයට ඇද දමන්නට මාන බලාගෙන බොහෝදෙනෙක් ඉන්නවා.
දෝෂාභියෝගය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අතරතුර විපක්ෂයේ මන්ත්‍රීවරුන්
වාර්තාව අධ්‍යයනයට ප්‍රමාණවත් කාලයක් නොලැබුණු බව ප්‍රකාශ කළා නේද?
විපක්ෂයේ අයත් හතර දෙනෙක් තේරීම් කාරක සභාවේ හිටියනේ. ඒ අයට උනන්දුවෙන් අහගෙන
ඉන්න තිබුණානෙ. තවත් කාලයක් අවශ්‍ය ඇයි? ඒ අයටත් ඕන මෙතැනින් පැනලා දුවන්න.
සාක්ෂි වැරැදියි නම් පාර්ලිමේන්තුවට කියන්න තිබුණා හරි තීරණයක් ගන්න කියලා.
පාර්ලිමේන්තුව දක්වා මේ දෝෂාභියෝගය ගෙනාවේ හරි තීරණයක් ගන්නනේ. ඒ අයගේ මේ
අඩුපාඩු තිබුණත් කමක් නෑ අඩුම ගානෙ බලන්න තිබුණා මේ චෝදනාවලට සාක්ෂි තියෙනවද
නැද්ද කියලා. පළවෙනි චෝදනාව “ගේ ගත්තද?” ඔව් ද නැද්ද? මගෙන් ඇහුවා නම් මං කියනවා
“මං ගත්තා” හැබැයි මං නඩු අහලා ගත්තෙ නෑ කියලා, අගවිනිසුරුවරියටත් ඒ
උත්තරයම දෙන්න පුළුවන්නෙ.
මේ කාරණයේදී ඉතිහාසයේ නොවූ විරූ ලෙස නීතිඥවරු කළ එළි බැස්සා. එහිදී එක්
කොටසක් මේ දෝෂාභියෝගය ඉවත්කරන ලෙස ඉල්ලමින් විරෝධතා පැවැත්වූවා?
ඒ කට්ටිය එක්කෙනෙක්වත් චෝදනා ගැන කතා කරනවද? අන්තිමේ කැත විදිහට මගේ නමත් ඒකට
ඈඳා ගත්තා. ඔය කට්ටියම තමයි සෙලින්කෝ සිද්ධියෙත් හිටියේ. ඒ අයම තමයි මේ නෝනව
ආරක්ෂා කරන්න යන්නේ. මේ දෙගොල්ලම දන්නවා මම ඔය නඩුව ඇහැව්වේ නෑ කියලා. එහෙම
තියෙද්දි මේකට මගේ නම ඈෙඳව්වේ මඩ ගැසීමේ පරමාර්ථයෙන්මයි.
පුවත් මැවූ දෝෂාභියෝගයත් සමඟ සමහර තැනක දී ඔබතුමාගේ නම සඳහන් වුණා?
මට හරිම කනගාටුයි අධිකරණය මේ තත්ත්වයට පත්වීම සම්බන්ධව. අනෙකුත්
අධිකරණවල කටයුතු කරන නිලධාරීන් මෙතුමියගේ ක්‍රියාවලිය නිසා
අපහසුතාවට පත්වෙනවා. මේ සියල්ලටම මුල ඇයට තිබූ අත්දැකීම් පරිචයේ මදකමයි.
සමහර අවස්ථාවලදී ඒ බව මම ඇයට මතක් කර දී තිබෙනවා. මම ජාත්‍යන්තර උසාවියේ,
නීතිපති දෙපාර්තමේන්තුවේ, ඇපැල් උසාවියේ ඇතුළු තවත් බොහෝ තනතුරු දරමින්
අවුරුදු 34කට පස්සෙයි අගවිනිසුරු පදවියට පත්වුණේ.
කොහොම වුණත් මේ ප්‍රශ්නෙදි මම ගේ ගත්ත හින්දා එයාත් ගේ ගත්තා නම් මම කරපු දේම නම්
එයා කරන්නේ මං විශ්‍රාම ගියා වගේ මං කරපු දේම මෙතුමියටත් කරන්න තිබුණා.
හිටපු අගවිනිසුරු නෙවිල් සමරකෝන් මහත්මයාට විරුද්ධව අසූව දශකයේ ප්‍රථම
දෝෂාභියෝගය ගෙනාවේ එතුමා කළ දේශපාලන කතාවකටයි. එදා සහ අද අතර වෙනස ඔබ
දකින්නේ කොහොමද?
මොන දෝෂාභියෝගය ආවත් චෝදනාව චෝදනාවයි. එහි ස්වාභාවය අනුවයි වෙනස් වෙන්නේ.
එය දේශපාලන කතාවක් වුණාට අද අගවිනිසුරුවරිය සම්බන්ධ දෝෂාභියෝගය ඊට වඩා
බරපතළයි. නඩුකාරයෙක් වශයෙන් තමන් හැසිරිය යුතු ආකාරය පිළිබඳ ගැටලුව සහ
ඒවාට මුහුණ දීමේ හැකියාව පිළිබඳ ගැටලුව මෙතැනදී ඉස්මතු වෙනවා.
ජනතා පරමාධිපත්‍ය සම්බන්ධයෙන් කතිකාවතක් ගොඩනැඟුනා. එය ඔබ දකින්නේ කොයි
ආකාරයටද?
කවුරුත් දන්නවා ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය ක්‍රියාත්මක වෙන්නේ
පාර්ලිමේන්තුව මඟින්. නීතිය නොදන්නා අය පාර්ලිමේන්තුවට වඩා ඉහළ තැනක් ගැන
හිතනවා නම් එහෙම තැනක් නෑ. ජනතා පරමාධිපත්‍යයට වඩා දෙයක් නැහැ. මෙය ලෝකයේම
පිළිගත් ක්‍රමවේදයයි. බොහෝ රටවල ක්‍රියාත්මක වෙන්නෙත් මේ ක්‍රමවේදයයි.
සාමාන්‍යයෙන් මහේස්ත්‍රාත්වරයෙක් වැරැද්දක් කළහම ඊට ඉහළ විනිසුරුවරුන්
එය විභාගයට ගන්නවා. නමුත් රටේ අගවිනිසුරු වැනි තනතුරකදී එය මහේස්ත්‍රාත්
විභාග කරන්නේ නෑ. ඊට ඉහළ තැනක දී එය විභාග විය යුතුයි. රටක පාර්ලිමේන්තුවට වඩා
ඉහළ තැනක් නෑ. මේ ක්‍රමවේදය අප විසින් තනා ගත්තක් නොවේ. අමෙරිකාවේ ව්‍යවස්ථාව
අනුවත් එංගලන්තයේ සම්ප්‍රදායත් අනුවත් සැකසුණු ක්‍රමයක්.
දෝෂාභියෝගය සම්බන්ධ අවසන් තීන්දුව තවදුරටත් මේ ගැටලුවට කෙලෙස
බලපවත්වනු ඇතැයි ඔබ සිතනවාද?
ව්‍යවස්ථානුකූලව අවසන් තීන්දුව ජනාධිපතිතුමා විසින් ක්‍රියාවට නංවා
තිබෙනවා. ව්‍යවස්ථාවෙන් දෙන තීන්දුව අනුමත කිරීමකුයි එතැනදී සිදුකෙරෙන්නේ.
එය ජනතාවගේත් රටේත් යහපත උදෙසා, අකර්මන්‍ය වූ අධිකරණ ක්‍රියාවලිය නංවනු
සඳහාත් ඉවහල් වේවි. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ පිටරට කරලියට මේ
දෝෂාභියෝගය අරගෙන යන්න බලාපොරොත්තු වන අය එතැනටත් පොල් අරගෙන ගියාට කමක්
නෑ කියලයි.
0 comments:
Post a Comment