Photobucket

Tuesday, January 15, 2013

විදෙස්‌ පෙම් යුවළගේ ඩොලර් 246 කට විදලා

විවේකයක්‌ ගත කිරීමට ශ්‍රී ලංකාවට පැමිණි ඔස්‌ටේ්‍රලියානු ජාතික පෙම් යුවළක්‌ නැවතී සිටි කළුතර සංචාරක හෝටලයකදී ඔවුන්ගේ ඩොලර් 246 ක්‌ සොරා ගන්නා ලදැයි කියන සංචාරක හෝටලයේ කාර්මික නිලධාරීන් දෙදෙනකු (15 වැනිදා) දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කළුතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අරුණ අළුත්ගේ මහතා ඉකුත් 13 වැනිදා සවස නිsයෝග කළේය.

මෙහි සැකකරුවන් වූයේ උතුරු කළුතර පොලිස්‌ වසමේ පදිංචි කේ. ඒ. තුෂාර රෝෂාන් සහ ඩී. චමිල් මධුරංග යන දෙදෙනාය. මෙම සංචාරක හෝටලයේ කැඩී තිබූ දොරගුලු සවි කිරීමට පැමිණි මෙම සැකකරුවන් දෙදෙනා පෙම් යුවළ නැවතී සිටි කාමරයේ තිබූ මුදල් පසුම්බිය විවෘතකර මෙම මුදල සොරාගෙන ඇතැයි කොළඹ සංචාරක පොලිසියට කරන ලද පැමිණිල්ලක්‌ අනුව පරීක්‍ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන උතුරු කළුතර පොලිසියට භාර දුන් බව පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්‌විණි.

සැකරුවන් දෙදෙනා හඳුනාගැනීමේ පෙරෙට්‌ටුවකට ඉදිරිපත් කළ යුතු බව ද පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්‌විණි.

උතුරු කළුතර පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක අජිත් කුමාර පිටිගල මහතාගේ උපදෙස්‌ පරිදි අපරාධ අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක පද්මසිරි කුලතුංග මහතා වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all