Photobucket

Monday, January 14, 2013

මැදපෙරදිග දී තවත් ශ්‍රී ලාංකිකයකුට මරණ දඬුවම නියම වෙයි

කටාර් රාජ්‍යයේ රැකියාවක්‌ කළ ශ්‍රී ලාංකික තරුණයකුට කටාර් අධිකරණයකින් පසුගිය දෙසැම්බර් 31 දා මරණ දඬුවම නියම වී ඇත. අංක 121/20 පියෝ මාවත ක¹න ලිපිනයේ පදිංචිව සිට 2010 වසරේ මාර්තු මස කටාර් රැකියාවක්‌ සඳහා ගොස්‌ සිටි වෙන්ගර්දාස්‌සලම් සුදේශ්කාර් (22) නමැති අවිවාහක තරුණයාට මෙසේ මරණ දඬුවම නියම වී තිබේ. 

මෙලෙස මෙම තරුණයාට මරණ දඬුවම නියම වී ඇත්තේ කටාර්හි සේවය කළ ඉන්දීය ජාතික තවත් තරුණ රියෑදුරෙකු සමග ඔහු සේවය කළ සුපිරි අලෙවිසලකදී ඇති වූ ගැටුමකදී පිහිපහරක්‌ එල්ල කිරීම නිසා එම තරුණ රියෑදුරා මියයැමේ චෝදනාවටයි.

මෙම මරණය සිදුවී ඇත්තේ 2011-06-02 දින වූ අතර වසර 1 1/2 ක්‌ තිස්‌සේ කටාර් අධිකරණයකින් නඩු අසා ඔහුට මරණ දඬුවම නියම කර ඇත.

මරණයට පත් වූ ඉන්දීය තරුණ රියෑදුරුගේ මාමා කෙනකු හා සහෝදරයකු සමග (කටාර්වල රැඳී සිටින) මරණ දඬුවම නියම වූ තරුණයාගේ ඥති සහෝදරයකු නිල ලෙස ඇතිකරගත් සාකච්ඡාවලින් පසු සිද්ධිය සමථයකට පත්කර ගැනීමට මියගිය තරුණයා වෙනුවෙන් කටාර් මුදලින් ලක්‍ෂ 2 ක්‌ (ශ්‍රී ලංකා මුදලින් ලක්‍ෂ 70) ක්‌ අවශ්‍ය බව පවසා ඇත. තවදුරටත් තානාපති කාර්යාල හරහා කරන ලද ඉල්ලීම අනුව එය කටාර් මුදලින් ලක්‍ෂ 1 ක්‌ (රුපියල් ලක්‍ෂ 35) ක්‌ දක්‌වා අඩුකරගෙන ඇත.

මේ සම්බන්ධව අදහස්‌ දැක්‌වූ මරණ දඬුවමට නියම වූ සුදේශ්කර්ගේ මව වූ මංගල සාමි පුන්ගෝදා (43) මහත්මිය මෙසේ ප්‍රකාශ කළාය.

හදිසි කෝපය නිසා ඇති වූ තත්ත්වයක්‌ නිසා ඒ දරුවා සහ මගේ දරුවා දෙපාරක්‌ ගහගෙන තිබෙනවා. මගේ පුතා වැඩ කරපු සුපර් මාර්කට්‌ එකට ඇවිල්ලා ගහනකොට තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. පුතාගේ ජීවිතය බේරා ගන්න මේ තරම් මුදලක්‌ හොයන්න අමාරුයි. අපි ඉන්නේ කුලියට. අපි ලියුමක්‌ ඇරියා ඉන්දියාවේ මැරුණ දරුවගේ දෙමව්පියන්ට මුදල් දෙන්න කැමතියි කියලා. ඒ අයත් ලියුමක්‌ එවන්න ඕනේ ඊට කැමතිය කියලා. ඊට ඉන්දියන් තානාපති කාර්යාලයේ සහාය ඕනේ. සියලු දෙනාගෙන් ඉල්ලන්නේ අපිට උදව් කරන්න කියලා.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all