Photobucket

Tuesday, January 15, 2013

සා‍.පෙළට පෙනී නොසිටි සිසුන්ට විශේෂ විභාගය ලබන 9-10-11

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අ.පො.ස. සා/පෙළ විභාගයට පෙනී සිටිමට නොහැකි වු සිසුන්ට පවත්වන විභාගය පෙබරවාරි මස 9, 10 සහ 11 යන තෙදින පැවැත්වේ.

2012 වසරේ දෙසැම්බර් මස 17, 18, 19 සහ 20 දිනවල විභාගයට පෙනී සිටීමට නොහැකි වු සිසුන් වෙනුවෙන් පැවැත්වෙන මේ විභාගය සඳහා අයදුම්පත් භාරගැනීම  (15) අවසන් වේ.

පාසල් අයදුම්කරුවන් පාසලේ විදුහල්පතිවරයා හරහා අයදුම්පත් යොමු කළ යුතු වන අතර මේ දිනවල පාසල් නොයන අයදුම්කරුවන් පාසලට ගොස් විදුහල්පතිවරයා හමුවන ලෙස විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පවසයි.

මෙතෙක් අයදුම් නොකළ පෞද්ගලික අයදුම්කරුවන් දිනමිණ පුවත්පතේ ජනවාරි7දා පළ වූ ආකෘතියට අනුව අයදුම්පත්‍රය පුරවා ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා ලවා සහතික කරවා විභාග දෙපාර්තමේන්තුවට ලියාපදිංචි තැපැල් මගින් එවිය යුතුය.

කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, නුවරඑළිය, බදුල්ල, ගාල්ල, මාතර, හම්බන්තොට, ත්‍රිකුණාමලය, මඩකළපුව, අම්පාර, පුත්තලම, කුරුණෑගල, අනුරාධපුරය, පොළොන්නරුව, මොනරාගල, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල මධ්‍යස්ථාන 45කදි විභාගය පැවැත්වේ.

ඉංග්‍රිසී, ගණිතය, පළමුවන සහ දෙවන කාණ්ඩයට අයත් විෂයයන් සඳහා පෙනී සිටීමට නොහැකි වූ සිසුන්ට මේ විභාගයට පෙනී සිටිමට හැකිය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all