ජම්මු නගරයට කිලෝමීටර් 220 ක් උතුරින් පිහිටි ඉන්දු පකිස්‌තාන
දේශසීමාව අයත් වන මෙන්දාර් කලාපයේදී ඉකුත් 08 වැනිදා
රාත්‍රියේදී ඉන්දීය හමුදා භටයන් දෙදෙනකු පකිස්‌තාන හමුදා භට
පිරිසක් අතින් ඝාතනය වීම මහත් ආන්දොaලනයට තුඩු දී ඇත. 29
හැවිරිදි නයික් හෙම්රා- හා 28 හැවිරිදි නයික් සුධාකාර් සින්
අඟහරුවාදා රාත්‍රි ඝාතනයට ලක්‌වූ අතර ඔවුන්ගේ බෙලි කපා තිබුණු
අතර එක් සෙබළකුගේ කවන්ධය හමුදා මුරපොළ අසල වැටී තිබිණි.
ඉන්දියන් හමුදාව පවසන්නේ පකිස්‌තාන සොල්දාදුවන් ඉන්දීය
දේශසීමාවේ මීටර් 600 ක් ඇතුළට පැමිණ අඟහරුවාදා රාත්‍රි 11.30
ට පමණ මේ ප්‍රහාරය එල්ල කර පලා ගොස් ඇති බවයි.
තම
සොල්දාදුවන් දෙදෙනකු බෙලි කපා මරා දැමීම ඉන්දීය හමුදාවට මහත්
අවමානයකි. මේ නිසා මේ ප්‍රහාරයට එරෙහිව පාඩමක් ඉගැන්විය යුතු
බව හමුදා බලධරයන් ප්‍රකාශ කරද්දී දිල්ලි රජය පවසා ඇත්තේ මේ
අවස්‌ථාවේ සන්සුන්ව ක්‍රියා කළ යුතු බවයි. හමුදා මරණත් සමගම
ඉන්දියාව හා පකිස්‌තානය අතර දේශසීමා සටනක් ඇතිවේ දැයි බිය වී
ඇත්තේ ඇමරිකාවයි. එම නිසා වහාම ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව
නිවේදනය කර සිටියේ මේ අර්බුදය විස¹ගත යුත්තේ කලහකාරි ලෙස නොව
සාකච්ඡාවෙන් පමණක් බවයි.
ඇත්තෙන්ම ඉන්දියාව හා පකිස්‌තානය මීට පෙර සිව් වතාවක් එකිනෙකාට එරෙහි යුද වැදී ඇත. 1947 දී මවුන්ට්‌බැටන් සාමි විසින් බ්‍රිතාන්‍යය ඉන්දියාව දෙකට කඩා පකිස්‌තානය හා ඉන්දියාව බිහි කළ විට ඇති වූ හින්දු, සීක්, මුස්‌ලිම් ගැටුම්වලින් ලක්‍ෂ 05 කටත් මිලියනයකටත් අතර පිරිසක් ඝාතනයට ලක් විය. 1947 ඔක්‌තෝබර් මාසයේදී ඉන්දියාව හා පකිස්‌තානය අතර පළමු කාශ්මීර යුද්ධය ඇවිළුණු අතර 1965 දී පකිස්‌තාන හමුදාව ජම්මු හා කාශ්මීර් ප්‍රාන්තය ආක්‍රමණය කරමින් "ජිබ්රෝල්ටාර්" මෙහෙයුම ආරම්භ කළ පසු දෙවන වරටත් මේ අසල්වැසියෝ එකිනෙකාට එරෙහිව යුද වැදුණහ. 1971 දී මේ දෙරට යුද වැදුණේ කාශ්මීරය නිසා නොවේ. ඒ නැගෙනහිර පකිස්‌තානය වෙනුවෙනි. අවසානයේ බංග්ලාදේශය බිහි වූ අතර පකිස්‌තාන සොල්දාදුවන් හා වැසියන් අනූදහසක් ඉන්දීය හමුදාවට භාර විය. 1999 දී පකිස්‌තාන හා ඉන්දියන් හමුදාව කාශ්මීරයේ කාර්ගිල් දිස්‌ත්‍රික්‌කයේ එකිනෙකාට එරෙහි යුද වැදුණහ. පකිස්‌තාන හමුදාව සිය දේශසීමාව පසුකර කාර්ගිල් ප්‍රදේශයට කඩාවැදුණ ද පසුව ලෝක බලපෑම නිසා නැවත එම ප්‍රදේශ අතහැර පසුබැස්‌සහ.
මෙවර ඉන්දීය සෙබළු දෙදෙනකුගේ බෙලි කැපීම යළි කාශ්මීර යුද්ධයක් ඇවිලෙන්නට හේතුවක් වේද? ඒ ගැන අපට පැහැදිලි නැත. නමුත් ඉන්දියානු හමුදාව නම් සිටින්නේ බලවත් කෝපයෙනි. රෝ ඔත්තු සේවාවේ හිටපු ප්‍රධානියකු වන වික්‍රම සුඩ් පවසන්නේ ඉන්දියානු සෙබළුන්ගේ බෙලි කැපීම පිටුපස පකිස්‌තාන හමුදා භටයන් මෙන්ම ජිහාඩ්වරුන් ද සිටින බවයි. පසුගිය කාලය පුරාම ඉන්දියාව හා පකිස්‌තානය අතර යහපත් මිතුදමක් ගොඩනැඟෙමින් තිබූ බවත් එය බිඳ දැමීම සඳහා කරන කුමන්ත්‍රණයක් ලෙස ද මේ ප්‍රහාරය හැඳින්විය හැකි බව හිටපු ඔත්තු සේවා ප්‍රධානියා බ්‍රිතාන්‍ය ටෙලිග්‍රාµa පුවත්පතට පවසා තිබිණි.
ඇත්තෙන්ම මේ අලුත්ම ගැටුමට මූලික හේතුව වී ඇත්තේ 70 හැවිරිදි රෙෂ්මා බී නමැති මහලු කාන්තාවක් යෑයි කිවහොත් ඔබ පුදුම විය හැක. නමුත් මේ රෙෂ්මා, ඌරි දිස්‌ත්‍රික්‌කයේ චාරොන්දා ගම්මානයේ ජීවත් වී ඇත. ඇයත් ඇගේ සැමියා වන ඊබ්‍රාහිම් ලොගාර් මේ ගම්මානයේ ජීවත් වුවත් ඔවුන්ගේ දරුවන් මීට වසර කිහිපයකට පෙර පකිස්‌තානයට අයත් වන කාශ්මීර ප්‍රදේශයට ගොස් ඇත. අවසාන කාලයේ තම දරුවන් හා එක්‌ව විසිය යුතු බව සිතූ මේ මහලු කාන්තාව ඉකුත් සැප්තැම්බර් මාසයේදී පකිස්‌තාන දේශසීමාවට ඇතුළු වී ඇත. රෙෂ්මා ඉන්දීය දේශසීමාව හරහා ගොස් පකිස්‌තානයට ඇතුල්වීම නිසාම මේ ප්‍රදේශය භාරව කටයුතු කරන මාරනා පාබල හමුදාවේ භට පිරිස් චාරොන්දා ගම්මානය අවට දේශසීමා කලාපයේ අලුතින් හමුදා නිරීක්‍ෂණ මුරකුටි ඉදිකිරීමට තීරණය කර ඇත්තේ මේ ප්‍රදේශය හරහා ලෙහෙසියෙන්ම දේශසීමාවන් තරණය කළ හැකි පරිසරයක් උදාවී තිබුණු හෙයිනි. කෙසේ නමුත් මෙලෙස අලුතින් නිරීක්‍ෂණ කුටි හා බංකර් ඉදිකිරීම 2003 ඇති කරගෙන තිබූ දේශසීමා සටන් විරාම ගිවිසුමට එරෙහි යෑයි කියමින් පකිස්‌තාන හමුදාව නිරන්තරව මෙයට එරෙහි විය. ඔක්‌තෝබර් මාසයේදී මේ ඉදිකිරීම්වලට එරෙහිව පකිස්‌තාන හමුදාව සුළු අවි ප්‍රහාරයක් එල්ල කළ අතර එම ප්‍රහාරයෙන් ගම්වැසියෝ තිදෙනෙක් මරණයට පත් වූහ. 25 හැවිරිදි මොහොමඩ් සාµs කටානා, 20 හැවිරිදි ශබීනා බානෝ හා පාසල් ශිෂ්‍යයකු වූ ලියාකුන් අලී පකිස්‌තාන හමුදා ප්‍රහාරයට බිලි විය. නොවැම්බර්, දෙසැම්බර් මාසවලදී ද මේ ප්‍රදේශය පකිස්‌තාන හමුදාවේ ෂෙල් ප්‍රහාරවලට ඉලක්‌කය විය. නමුත් ප්‍රශ්නය විසඳුණේ නැත. ජනවාරි 06 වැනිදා ඉන්දීය හමුදාව දේශසීමා ආක්‍රමණය කරමින් එල්ල කරන ලද ප්‍රහාරයෙන් තම භටයකු මරණයට පත් වූ බව පකිස්‌තාන හමුදාව නිවේදනය කළේය. එයින් දින දෙකකට පසුව තමන්ට එල්ල වූ ප්‍රහාරයේ වාඩුව ගැනීමට පකිස්‌තාන භටයෝ ක්‍රියාත්මක වූහ. අවසානයේ ඉන්දීය භටයන් දෙදෙනකුගේ බෙලි කැපිණි.
ඉන්දීය ආරක්‍ෂක ඇමැති ඒ. කේ. ඇන්තනි පවසන්නේ තම සෙබළු දෙදෙනා මරා දමා තිබුණේ ඉතාම ප්‍රකෝපකාරී ආකාරයට බවයි. විශේෂයෙන්ම ඉන්දීය මළ සිරුරුවලට සලකා තිබූ ආකාරය සදාචාරසම්පන්න නොවන බව ආරක්‍ෂක ඇමැතිවරයා සඳහන් කර තිබිණි. මේ නිසාම ඉන්දීය විදේශ අමාත්‍යාංශය නවදිල්ලියේ පකිස්‌තාන මහ කොමසාරිස් සල්මාන් බෂිර් කැඳවා සිය විරෝධය පළ කර තිබිණි. භාරතීය ජනතා පක්‍ෂ නායක අරුන් පේට්‌ලි පවසා තිබුණේ මේ සිද්ධියෙන් පසුව ඉන්දියානු රජය පකිස්‌තාන රජය හා ගනුදෙනු කරන්නේ කෙසේද යන්න පිළිබඳව නැවතත් පැහැදිලිව සිතා බැලිය යුතු බවය. පකිස්‌තානය "රතු කට්‌ට" පැන ඇතැයි භාරතීය ජනතා පක්‍ෂ නායකයා පවසයි.
මේ ප්‍රහාරයෙන් පසුව සමහර ඉන්දීය මාධ්‍ය, පකිස්‌තානය දැඩි ලෙස විවේචනය කරමින් අදහස් දක්‌වා ඇත. 1947 සිට පකිස්‌තානය පිටුපසින් සිට ඉන්දියාවට පිහියෙන් අනින බව එන්.ඩී.ටී.වී. වෙබ් අඩවියේ පළ කර තිබූ ලිපියක සඳහන් කර තිබිණි. 2001 දී එවක ඉන්දීය අගමැති අතල් බිහාරි ව-පායි මහතා පකිස්‌තාන ජනාධිපති ජෙනරාල් µර්වේෂ් මුෂාරµa මහතාට අන්ද්‍රdහි පැවැත්වෙන සමුළුවක් සඳහා ආරාධනා කර තිබියදී 2001 දෙසැම්බර් 13 වැනිදා දිල්ලි පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් එල්ල විය. මේ ප්‍රහාරය පිටුපස පකිස්‌තාන ත්‍රස්‌තවාදී කණ්‌ඩායමක් සිටි බව ඉහත ලිපියේ සඳහන්ය. 1999 දී අතල් බිහාරි ව-පායි මහතා බස් රථයකින් ඉන්දියාවේ සිට ලාහෝරය බලා ගොස් එරට අගමැති නවාස් ශරීµa මහතා හමු වී දෙරටේ මිතුදම තර කර තිබුණු ද එම වසරේම කාර්ගිල් යුද්ධය ඇවිළිණි. 1999 දෙසැම්බර් මාසයේදී ඉන්දියානු ගුවන් සේවයට අයත් IC 814 යානය කත්මණ්‌ඩුවේදී පැහැර ගනු ලැබුවේ පකිස්‌තාන ත්‍රස්‌ත කණ්‌ඩායමක් විසිනි. මේ යානය තලේබාන්වරුන් පාලනය කරන කන්දහාර් ගුවන්තොටුපළට ගොඩ බැස්‌සවූ අතර යානය නිදහස් කිරීම සඳහා ඉන්දියාවට ත්‍රස්‌තවාදී සැකකරුවකු වූ මවුලානා මෂුඩ් අසාර් නිදහස් කිරීමට දිල්ලි බලධාරීන්ට සිදුවිය. හින්දු පුවත්පත මේ අර්බුදය සම්බන්ධව Playing with Fire මැයෙන් කතුවැකියක් ලියමින් ප්‍රකාශ කරන්නේ ඉන්දියාව රාජතාන්ත්‍රිකව නිවැරදිව කටයුතු කළ යුතු නමුත් මේ අවස්‌ථාවේ අනවශ්‍ය ලෙස ලේ හලා ගැනීමට කිසිවිටක කටයුතු කළ යුතු නැති බවයි. හින්දු කතුවරයාගේ අදහසට අපි ද ගරු කරමු.
0 comments:
Post a Comment