Photobucket

Tuesday, January 1, 2013

අන්තර්ජාලයට අය කළ බද්ද අද සිට 50%කින් පහළට

අන්තර්ජාල සේවා (බ්‍රෝඩ්බෑන්ඩ්) සඳහා මේ දක්වා අයකළ බද්ද අද (01) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි සියයට 50 කින් පහත හෙළීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කර ඇත.

 අන්තර්ජාල සම්බන්ධතා සහ ඒ ආශ්‍රිත සේවාවන් වඩාත් පුළුල් කිරීමේ අරමුණින් මේ තීරණය ගෙන ඇති බව විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා "දිනමිණ" ට පැවසීය. 

ඒ අනුව මේ දක්වා අයකළ සියයට 20 ක බදු ප්‍රතිශතය අද සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 10 දක්වා පහත වැටෙන බවද එමඟින් අදාළ සේවාවන් වලට ගෙවීමට සිදුවන මුදල දෙගුණයකින් පමණ අවම වන බවද ඒ මහතා සඳහන් කළේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත්කළ අයවැය යෝජනාවකට අනුව මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙන අතර ලබන 2015 වසර වනවිට ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය භාවිතා කිරීමේ සංඛ්‍යාව ඉහළ නැංවීම මෙහි අරමුණ බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

මේ වනවිට ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් ලක්ෂ 12ක් පමණ අන්තර් ජාලය භාවිතා කරන බව සඳහන් කළ අනූෂ පැල්පිට මහතා එම සංඛ්‍යාව ලක්ෂ 30 දක්වා ඉහළ නැංවීම රජයේ අරමුණ වී තිබෙන බවද පෙන්වා දුන්නේය.

මේ වනවිට අන්තර්ජාලය භාවිතාකරන ශ්‍රී ලාංකිකයන්ගෙන් ලක්‍ෂ 07ක් පමණ රැහැන් රහිත අන්තර්ජාල සේවා භාවිත කරන අතර සෙසු පිරිස ස්ථාවර දුරකථන මාර්ග හරහා අන්තර්ජාල සේවා භාවිතා කරන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කරයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all