Photobucket

Sunday, January 6, 2013

ඉපදුණු විගස බිළිඳා වළදැමූ අවිවාහක කත ඇතුළු 4 දෙනා රිමාන්ඩ්

ඉපදුණු විගස ගෙවත්තේ තම බිළිඳා වළ දැමූ බව කියන මව සහ තවත් කාන්තාවන් තිදෙනකු මේ මස 11 දා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නාඋල වැඩබලන මහෙස්‌ත්‍රාත් නීතිඥ අයි. ජී. මුණසිංහ මහතා (03 වැනිදා) නියෝග කර ඇත.

විල්ගමුව, වීමාබේ ප්‍රදේශයේ පදිංචි තිස්‌ හත් හැවිරිදි අවිවාහක කාන්තාවක්‌ විසින් බිළිඳා බිහිකර ඇති බව කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

බිහිවූ බිළිඳා වළ දැමීම සඳහා උදවු කළේ ඇයගේ පුංචි අම්මාත් අවුරුදු (53) ඇයට සහාය දුන් තවත් කාන්තාවන් දෙදෙනකුත් රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මහෙස්‌ත්‍රාත් නියෝගය අනුව දඹුල්ල දිස්‌ත්‍රික්‌ මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය රත්නායක මහතා විසින් පශ්චාත් මරණ පරීක්‍ෂණ සඳහා බිළිඳු මළ සිරුරේ කොටස්‌ ලබාගෙන ඇත.

මීට මාස එකහමාරකට පමණ පෙර බිළිඳා බිහිවී ඇති බවද මූලික විමර්ශන වලදී අනාවරණය කරගෙන ඇත.

මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී සජීව මැදවත්ත මහතාගේ උපදෙස්‌ මත විල්ගමුව පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍ර.පො.ප. රත්නායක මහතා ඇතුළු කණ්‌ඩායමක්‌ වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all