රුපියල් ලක්‍ෂ 35 ක් වටිනා යූරෝ 21000 ක් නීති විරෝධී
ලෙස ඉන්දියාව බලා රැගෙන යැමට තැත් කළ කැමරුන් ජාතික
ව්‍යාපාරිකයකු ගුවන්තොටුපළ රේගු නිලධාරීන් විසින්
(06 වැනිදා) රාත්‍රියේදී අත්අඩංගුවට ගන්නා ලදී.

මොහු ලංකාවට පැමිණ ඇත්තේ පළමු වතාවට බවත් මාසයක පමණ කාලයක් මෙහි ගත කර තිබෙන බවත් ජ්‍යෙෂ්ඨ රේගු නිලධාරියෙක් පැවසීය. තමන් ලංකාවට පැමිණියේ රෙදි ගෙනයැමට බවත් ලංකාවේ රෙදි මිල වැඩි නිසා ඉන්දියාවට රෙදි ගැනීමට යන බවත් මොහු රේගු නිලධාරීන්ට ප්‍රකාශ කර තිබේ.
නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ එස්. කේ. යූ. වික්‍රමසිංහ මහතා මෙම මුදල් රාජසන්තක කිරීමට නියෝග කරන ලදී. රේගු අධිකාරි තිස්‌ස ප්‍රියන්ත ද සිල්වා මහතා පරීක්‍ෂණ මෙහෙයවන ලදී. නියෝජ්‍ය රේගු අධිකාරී උපුල් ඉන්ද්‍රජිත්, සහකාර රේගු අධිකාරීවරුන් වන චන්දිම කරුණාරත්න, නුවන් බණ්‌ඩාර, චන්දන රත්නායක, දිමුත් ප්‍රසන්න හා ඩිලාන් වීරරත්න යන නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගන්නා ලදී.
0 comments:
Post a Comment