Photobucket

Monday, December 3, 2012

මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර පාපන්දු කුසලාන තරඟාවලිය ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද ඇරඹේ

ක්‍රීඩා අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය එක්ව සංවිධානය කරන මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර පාපන්දු කුසලාන තරඟාවලිය පාකිස්ථානය, මාලදිවයින, බංගලිදේශය හා ශ්‍රී ලංකාව යන රටවල සහභාගීත්වයෙන් අද(03)සිට 08 වැනිදා දක්වා නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

එහි සමාරම්භක උළෙල ජනාධිප මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව දකුණු ආසියාතික හා ආසියාතික වශයෙන් වඩාත් ශක්තිමත් කිරීම ඉලක්ක කරගනිමින් සාර්ක් කලාපීය රටවල් සමඟ පැවැත්වෙන මෙම තරඟාවලිය වාර්ෂිකව සංවිධානය කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇති බැවින්, ඉදිරි වර්ෂවලදී සාර්ක් රටවලදී මෙම තරඟය පැවැත්වෙනු ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.‍

අද සිට ලබන08වන දින දක්වා පැවැත්වෙන සාර්ක් පාපන්දු තරඟාවලිය අද ප.ව.2.00 ට බංග්ලාදේශය හා පාකිස්ථානය සමඟ පැවැත්වෙන අතර, එදිනම ප.ව.4.00 ට ශ්‍රී ලංකාව හා මාලදිවයින් කණ්ඩායම් අතර තරඟ පැවැත්වේ. දෙසැම්බර් 05 වැනි දින ප.ව.2.00 ට පකිස්ථානය හා මාලදිවයින අතර තරඟය පැවැත්වෙන අතර, එදිනම ප.ව.4.00 ට ශ්‍රී ලංකාව හා බංගලිදේශය තරඟ වදිති. දෙසැම්බර් 07 දින ප.ව. 2.00 ට මාලදිවයින හා බංගලාදේශය අතර තරඟය පැවැත්වෙන අතර, එදිනම ප.ව.4.00ට ට ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර තරඟය පැවැත්වේ. දෙසැම්බර් 09 වන දින ප.ව.4.00 ට අවසන් තරඟය පැවැත්වේ.

මෙම සාර්ක් පාපන්දු තරඟාවලියේ සමාප්ති උළෙල ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය හා ක්‍රීඩා අමාත්‍යාංශය එක්ව අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

ලංකාපුවත් ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all