හිටපු අගවිනිසුරු
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කථානායකවරයාට හෝ පාර්ලිමේන්තුවට රිට් ආඥාවක් නිකුත් කළ නොහැකි
නිසා නොතීසි ද නිකුත් කිරීමට නොහැකි යැයි හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා
පවසයි.

පාර්ලිමේන්තුව නීති සම්පාදන ආයතනය වශයෙන් අවසාන බලය ක්‍රියාත්මක කරන ආයතනය බවට
පිළිගැනීමට සිදුවන බවත් හිටපු අගවිනිසුරුවරයා කීය. ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර
අද ලොකු ගැටුමක් ඇතිකරගෙන තිබුණත් මේ ආයතන දෙකේම බලය එකම ස්වාමියා වූ රටේ ජනතාවට
පැවරී ඇති නිසා එවැනි ගැටුමකට යෑමේ අවශ්‍යතාවක් නැතැයි ද කීය.
අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව අධිකරණයට යටපත් කර නැතැයි ද
ව්‍යවස්ථාදායකයට හා අධිකරණයට බලය ලබා දී ඇත්තේ ගැටුමක් ඇති නොවන පරිදි වුවත්
මෙතැනදී ගැටුමක් නිර්මාණය කරගෙන ඇති බව ද හිටපු අගවිනිසුරුවරයා කියා සිටියේය.
රිට් ආඥා සම්බන්ධයෙන් මේ රටේ වෙනම නීතියක් නැති නිසා බ්‍රිතාන්‍ය පොදු නීතිය මේ
රටේත් මුළුමනින්ම බලපැවැත්වෙන බව ද බ්‍රිතාන්‍යයේ කිසි දිනෙක එරට අධිකරණය
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට එවැනි ආඥා නිකුත් කර නැතැයි ද සරත් සිල්වා මහතා සඳහන්
කෙළේය.
මේ ආයතන දෙකම ක්‍රියා කළ යුත්තේ මහජන සුබසිද්ධියට යැයි ද හිටපු අගවිනිසුරු වරයා
පැවැසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මූලික අයිතිවාසිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් ද
ශ්‍රේෂ්ඨාධිකරණය ක්‍රියා කරන්නේ 126 ව්‍යවස්ථාව අනුව විධායක හෝ පරිපාලන ක්‍රියා
මඟින් මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් පමණක් බවත් එයින් ද පාර්ලිමේන්තුවේ
ක්‍රියා ඉවත් කර ඇති බවත් සරත් සිල්වා මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
සරත් පෙරේරා
සිළුමිණ ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment