Photobucket

Tuesday, December 4, 2012

පොලිසිය ඇතුළේදී කාන්තාවක් හිමිනමකගේ කනට ගහයි

මහරගම පිළිකා රෝහලේ ආගමික සහ සුබ සාධක සේවා විහාරස්ථානයේ වෑගන්තලේ සීවලී හිමියන්ට හොරණ පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාගේ කාමරයේදී කාන්තාවක් විසින් කනට පහරදී ඇතැයි කියන සිද්ධියක් පිළිබඳ සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ පරීක්‍ෂණ ආරම්භ කොට තිබේ.

 එම හිමිනම හොරණ රෝහලේ භික්‍ෂු වාට්ටුවේ පොලිස් රැකවරණ මත ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයකු පැවැසීය. ඒ පිළිබඳ සීවලී හිමියන් හොරණ පොලිසියට පැමිණිලි කොට ඇත.

මේ සිද්ධියට අදාළ සැකකටයුතු කාන්තාවද පොලිස් නිලධාරිවරයකු විසින් පොලිසියේදී පහරදුන් බව පවසමින් පානදුර රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබාගෙන රෝහලෙන් පිටව ගොස් ඇති බව පානදුර රෝහල් පොලිසියේ නිලධාරියෙක් සඳහන් කෙළේය. සැකකාරිය නිවෙසේ නොමැති අවස්ථාවක අදාළ හිමිනම නිවෙසට ගොස් ඇයගේ දියණියට බැන තර්ජනය කර ඇති බව සැකකාරිය විසින් හොරණ පොලිසියට පැමිණිලි කොට තිබේ.

මේ සිද්ධි සම්බන්ධයෙන් හොරණ සහකාර පොලිස් අධිකාරි අබේරත්න දිසානායක මහතාගේ අධීක්‍ෂණය යටතේ පොලිස් කණ්ඩායමක් පරීක්‍ෂණ පවත්වයි.

ප්‍රේමලාල් විජේරත්න
මවුබිම  ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all