Photobucket

Tuesday, December 4, 2012

පැරෑලියට සුනාමි සංස්කෘතික පර්යේෂණ මධ්‍යස්ථානයක්

සංස්කෘතික පුනර්ජීවනයේ ජාතික වැඩපිළිවෙළක් ලෙස පැරෑලියේ, සුනාමි සංස්කෘතික පර්යේෂණ මධ්‍යස්ථානයක්  ඉදිකෙරෙන බව සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා සඳහන් කරයි.
අමාත්‍යවරයා මේ බව  ප්‍රකාශ කළේ අද(04) පාර්ලිමේන්තුවේ දී පැවති අය-වැය කාරකසභා අවස්ථාවේ විවාදයේ දී සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේ අදහස් දක්වමිනි.
මෙම සුනාමි සංස්කෘතික පර්යේෂණ මධ්‍යස්ථානයට මුළු වියදම රු.මිලියන 353කි.

 සංචාරකයින්ට නිර්මාණශීලී අවස්ථාවක් ලබාදීමට මාතර නාවිමන සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානයක් ඉදි‍කරන බවද අමාත්‍යවරයා පැවසීය.

 මේවන විට ශ්‍රී ලංකාවේ සංස්කෘතික මධ්‍යස්ථාන160ක් ස්ථාපිත කර තිබෙන බවත්, තවත් 88ක් ඉදිකෙරෙමින් පවතින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

කොළඹ,ලංකාපුවත්




Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all