ගල්ගමුව
නගරයේ පිහිටා ඇති මුස්ලිම් පල්ලියට ඇතුළු වූ සොරෙකු අල්ලා ගැනීමට
ප්‍රදේශවාසීන් සමත් වී ඇත. අද (04) අලුයම් කාලයේ දී පල්ලිය ඉදිරිපිට නවතා
තිබූ යතුරු පැදියක් සම්බන්ධයෙන් සැක සිතූ අයෙකු ඒ පිළිබඳව
සොයා බැලීමේදී සොරුන් දෙදෙනකු පල්ලිය බිඳ මුදල් කොල්ල කා පලා යාමට තැත් කර
ඇත. එම අවස්ථාවේ දී ප්‍රදේශවාසීන් පැමිණ එක් සොරෙකු හා ඔවුන්ගේ යතුරු
පැදිය අල්ලා ගෙන තිබේ.
ඒ අවස්ථාවේදී එක් සොරෙකු පැන ගොස් තිබේ.
අල්ලා ගත් තැනැත්තාට ප්‍රදේශවාසීන්
විසින් පහර දීම නිසා තුවාල ලැබූ ගිරිතලේ යාය 01 ප්‍රදේශයේ පදිංචි නාවික
හමුදා සොබළෙක් ප්‍රතිකාර සඳහා කුරුණෑගල මහරෝහලට ඇතුළත් කර ඇත. ඔහු සතුව
තිබූ රුපියල් 18444/- මුදල ක් හා ඔවුන් පැමිණි යතුරු පැදියක් ගෙවල් බිදීමට
උපයෝගී කර ගන්නා යකඩ උපකරණ කිහිපයක් ද පොලිස් බාරයට ගෙන ඇත. පැන ගිය අනෙක්
සැකකරු සෙවීමටත් සිද්ධිය සම්බන්ධයෙන් ගලිගමුව පොලිසිය පරික්ෂණ ආරම්භ කර
ඇත.
කේ. ඉලංගකෝන් - අඹන්පොළ / චද්‍රරත්න ඉලංගකොන්
ලක්බිම ඇසුරින් පලකරන ලදී.









0 comments:
Post a Comment