Photobucket

Tuesday, December 4, 2012

තායි රජුට අසූ පහයි

තායිලන්තයේ Bhumibol Adulyadej රජතුමාගේ අසූපස් වන ජන්ම දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ දී ආගමික වතාවත් පැවැත්වේ. අද  සවස අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියස නෙළුම් මල් බෝධි පූජාවක් පැවැත්වේ. 

හෙට  මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ භික්ෂූන් වහන්සේ සිය නමක් උදෙසා සාංඝික දානයක් පිරිනැමේ. තායිලන්තයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය හා මෙරට සංස්කෘතික කලා කටයුතු අමාත්‍යාංශය මෙම පිංකම සංවිධානය කරති.  
තායිලන්ත රජතුමාට සෙත් පැතීමේ හා දීර්ඝායුෂ පැතීමේ පුන්යෝත්සවයට සහභාගී වීම සඳහා තායි බෞද්ධ හා සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ නිලධාරිහූ දූත පිරිස ගුවන් තොටුපළේදී පිළිගන්නා ලදී.

සටහන හා ඡායාරූපය -: ප්‍රසාද් නාන්ගල්ල - ගුවන්තොටුපළ

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all