Photobucket

Tuesday, December 4, 2012

තුම්මෝදර රන්මුතු ඇල්ලට සියඹලාපේ තරුණයෙක් බිලි

උඩින් පැමිණි ජල පහරට අප ගසාගෙන ගියා

දිලීප හා ඉන්ද්‍රජිත් නොපෙනී ගියා
අපි ගල්තලාවට වී සිටින විට ඇල්ලේ ජල මට්ටම වැඩි වන්නට පටන් ගත්තා. ඒ සමඟ සැරට ජල කඳක් උඩින් පැමිණියා. එම ජල කඳට අපි සියලුදෙනා ගල් තලාවෙන් පහළට විසිවී ගියා. 

දිලීප හා ඉන්ද්‍රජිත් ජල කඳට නොපෙනී ගිය බව තුම්මෝදර රන්මුතු ඇල්ලෙන් නෑමට ගොස් සැඩ පහරකට හසුවීමෙන් මිය ගිය තරුණයකුගේ මරණ පරීක්ෂණයේදී කොල්කගේ දොන් ප්‍රභාත් නලින්ද (28) යන අය සාක්කි දෙමින් පැවසීය.

මිය ගොස් ඇත්තේ සියඹලාපේ ගල්හිටියාව පාරේ පදිංචි පේන්ද්‍ර වඩුගේ බුද්ධික ඉන්ද්‍රජිත් (29) නැමැති තරුණයෙකි.

මේ පිළිබඳ මරණ පරීක්ෂණය හෝමාගම මූලික රෝහලේදී බටහිර හේවාගම් කෝරලයේ හදිසි මරණ පරීක්ෂක බී.එච්.කේ. චින්තක උදය කුමාර මහතා විසින් සිදු කරන ලදී.

සාක්කිකරු මෙසේද පැවසීය. මිය ගිය ඉන්ද්‍රජිත් මීට වසර දාහතරකට පෙර පාසල් කාලයේ පටන් දැන හඳුනනවා.

2012. 11. 27 දින අප යහළුවෝ දස දෙනෙකු පමණ අවිස්සාවේල්ල ප්‍රදේශයේ සුන්දර ස්ථානය දැක බලා ගැනීමට විනෝද චාරිකාවක් යාමට සූදානම් කර ගත්තා.

ඒ අනුව එදින උදෑසන හයට පමණ කැලණිය විශ්වවිද්‍යාලය අසල පදිංචිව දිලීපලාගේ නිවෙස අසලින් ගමන ආරම්භ කර කඩුවෙල හරහා හංවැල්ලට පැමිණියා. එහිදී මත්පැන් පානය කිරීමට අවශ්‍ය බයිට් මිලදී ගත්තා.
එතැන් සිට මත්පැන් පානය කර තුම්මෝදර රන්මුතු ඇල්ලගාවට පැමිණියා. එහිදී මත්පැන් පානය කර සතුටු වෙමින් අපි ගල්තලාවට වී සිටින විට ඇල්ලේ ජල මට්ටම වැඩි වන්නට පටන් ගත්තා. ඒ සමඟ සැරට ජල කඳක් උඩින් පැමිණියා.

එම ජල කඳට අපි සියලු දෙනා ගල්තලාවෙන් පහළට විසි වී ගියා. ඒ සමඟ වාගේ දිලීප හා ඉන්ද්‍රජිත් ජල කඳට නොපෙනී ගියා. අපි ගස්වැල්වල ආධාරයෙන් නැවත ගල් තලාවට පැමිණ ඒ ප්‍රදේශවාසීන්ට සිදුවූ දේ කිව්වා. ඒ අය සමඟ දිලීප හා ඉන්ද්‍රජිත්ව සෙව්වත් හමුවූයේ නැති නිසා හංවැල්ල පොලිසියට ගොස් දන්වා සිටියා.

2012. 11. 29 දින දහවල් 12.00ට පමණ දැන ගන්නට ලැබුණා සැඩ පහරට අසුවී මිය ගිය ඉන්ද්‍රජිත්ගේ සිරුර හමුවූ බව. අනතුරුව අනතුරු සිදුවූ ස්ථානයට ගොස් සිරුර හඳුනා ගත්තා.

මෙහිදී පේන්ද්‍ර වඩුගේ සරණපාල (73) සහ නාමුරුත්ත වඩුගේ රේණුක විමලසිරි (50) යන අය සාක්කි දුන්හ.

පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී අසිත ගලගම මහතා විසින් සිදු කරන ලදී.

ඉදිරිපත් වූ සාක්කි සහ වෛද්‍ය වාර්තා අනුව ජල පහරකට අසුවී දියේ ගිලීමෙන් සිදුවූ හදිසි අනතුරු මරණයක් බවට මරණ පරීක්ෂකවරයා නිගමනය කළේය.

දිනමිණ ඇසුරින් පලකරන ලදී.


Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all