Photobucket

Tuesday, December 4, 2012

ඩෙංගු වගේ තවත් උණක්

පසුගිය දිනවල පැවැති අධික වර්ෂාවත් සමඟ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ කිහිපයක ඩෙංගු රෝගය සහ වෛරස් උණ රෝගයක් තදින් පැතිර යමින් තිබෙන බව කුරුණෑගල දිස්ත්‍රික් වාහක රෝග පිළිබඳ ප්‍රධාන වෛද්‍ය නිලධාරි ජෝර්ජ් ප්‍රනාන්දු මහතා පැවසීය. කුරුණෑගල මාස්පොත මල්ලපිටිය සහ මාවතගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ වල ඩෙංගු රෝගය සහ වෛරස් උණ රෝගයක් තදින් පැතිර යමින් තිබෙන බවද මේ වසරේදී ඩෙංගු උණ රෝගයට ගොදුරු වී පුද්ගලයින් නව දෙනෙකු මරණයට පත්වී ඇති බව ජොර්ජ් ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් පැවසීය. කුරුණෑගල නාගරික බල ප්‍රදේශයෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවී තිබේ. ඩෙංගු උණ රෝගය සහ වෛරස් උණ රෝගය භාජනය වන රොගීන් දෙකොටසටම රුධිරයේ පට්ටිකා ප්‍රමාණය අඩු වන නමුත් ඔවුන් සියල්ලන්ම ඩෙංගු රෝගීන් නොවන බව පැවසීය. 

ලක්බිම ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all