Photobucket

Thursday, December 6, 2012

විශේෂඥ පාපන්දු පුහුණුකරු ජනවාරියේ ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා පාපන්දු ක්‍ෂේත්‍රයේ ජයග්‍රාහී අනාගතයක්‌ පතා, ශක්‌තිමත් කණ්‌ඩායමක්‌ බිහි කිරීමේ අරමුණ පෙරදැරිව, එතෙර විශේෂඥ පාපන්දු පුහුණුකරුවකු ගෙන්වා ගැනීමට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පියවර ගෙන ඇත.
මේ අනුව ලබන ජනවාරි පළමු සතිය පමණ වන විට බ්‍රසීලයෙන් හෝ ජපානයෙන් පුහුණුකරුවකු ගෙන්වා ගැනීමට අමාත්‍යාංශය දැන් කටයුතු සම්පාදනය කර ඇතැයි ඇමැතිවරයා 'දිවයින'ට ඊයේ පැවැසීය.

"අපි ඉලක්‌ක කරගෙන ඉන්නේ බ්‍රසීලයෙන් හෝ ජපානයෙන් කෙනෙක්‌ ගෙන්වා ගන්න. ඉලක්‌ක කරන එම පුහුණුකරුවන්ගේ ජීව දත්ත අපි දැන් ලබාගෙන තියෙනවා. ඒවා අපි දැන් අධ්‍යයනය කරනවා... ශ්‍රී ලංකාවට ගැලපෙන්නේ නම් බ්‍රසීලයෙන් කෙනෙක්‌"යි ඇමැතිවරයා සඳහන් කළේය.

අපේක්‍ෂිත පුහුණුකරුගේ මාසික වේතනය තම අමාත්‍යාංශය විසින් ගෙවීමට කටයුතු යොදන අතර කණ්‌ඩායම නඩත්තුව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයෙන් ඉටුවන බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.

අසෝක ගුණතිලක
දිවයින ඇසුරින් පලකරන ලදී. 

 
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all